June 2019
මහාවංශය – දසවෙනි පරිච්ඡේදය
පණ්ඩුකාභය රජුටත්, අභය රජුටත් අතර රජෙකුගෙන් හිස්ව ලංකාව පැවති කාලය දාහත් වසරකි. වීරියෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ පණ්ඩුකාභය රජතුමා රජකමට පත්වෙන විට වයස තිස් හතයි. රම්‍ය වූ අනුරාධපුරයෙහි සියලු සැපයෙන් සමෘද්ධිමත්ව සැත්තෑ අවුරුද්දක් රාජ්‍යය පාලනය කළා.
මහාවංශය – නවවෙනි පරිච්ඡේදය
රජ්ජුරුවන්ගේ අභාවයෙන් පසු ඒ රජුගේ පුත්‍රයන් සියලු දෙනාම එකතු වෙලා උන්මාදචිත්‍රා කුමරියට ජීවිතාරක්ෂාව ලබාදුන් තම ජ්‍යෙෂ්ඨ සහෝදරයා වන අභය යුවරාජයන්ව මහත් උත්සවාකාරයෙන් ලංකාවෙහි රජු ලෙස අභිෂේක කළා.
මහාවංශය – අටවෙනි පරිච්ඡේදය
ඒ පිරිසිදු බුද්ධි ඇති ඇමතිවරු ඔවුන්ගේ බලාපොරොත්තු හැම එකක් ම සම්පූර්ණ වූ නිසා ඒ පණ්ඩුවාසුදේව කුමාරයාව ලංකා රාජ්‍යයෙහි අභිෂේක කළා. පණ්ඩුවාසුදේව රජ්ජුරුවෝ තමන්ගේ මෙහෙසිය හැටියට අලාමක රූප සෞන්දර්යයෙන් හෙබි භද්දකච්චානා ශාක්‍ය වංශික රාජකන්‍යාව අභිෂේක කළා.
May 2019
Islam-ඉස්ලාම්
'ඉස්ලාම්' යන මෙම වචනයේ තේරුම ඔවුන් අදහන 'එකම දෙවියා' යන සංකල්පයට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. මෙකී ආගමේ නිර්මාතෘවරයා අරාබි ජාතිකයෙකි. නමින් මොහොමඩ් ය. දෙවියන් විසින් මිනිස් ලොවට එවන ලද වක්තෘවරයා යන අර්ථයෙන් 'නබී' යැයි කියනු ලැබේ. එනිසා මොහු හඳුන්වන්නේ 'මොහොමඩ් නබී' නමිනි.
මහාවංශය – සත්වෙනි පරිච්ඡේදය
මහාවංශයෙහි සත්වෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ විජය කුමරු ලක්දිවට ගොඩබට අවස්ථාවේ සිට රාජාභිෂේකය සිදුවූ අවස්ථාව දක්වා කතා පුවතයි.
මහාවංශය – හයවෙනි පරිච්ඡේදය
මහාවංශයෙහි සයවෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ සිංහල ජාතියේ ආදිම පුරුෂයා වන විජය රජුගේ උප්පත්ති කතාවත්, එතුමාගේ දෙමාපියන්ගේ ජීවිත කතා පුවතත්, විජය කුමරු ලක්දිවට පැමිණි ආකාරය ගැනත් ය.






