December 2018
8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව
“පැටියෝ..... නුඹ බේරුණේ අනූ නවයයි දශම නවයෙන්... නුඹේ අම්මා මළේ නුඹ මව්කුසේ සිටිද්දිමයි. සොහොන්පල්ලා අම්මා අළු වෙනකම් පිච්චුවා. ඒ වෙලාවෙත් නුඹ බේරුණා. ඉන් පස්සේ ඉතුරු දර එකතු කරලා දරුගැබත් ගිනි තිබ්බා. වැදෑමහ විතරක් පිච්චුණා. අපේ රත්තරන් පැටියා බේරුණා.... අපේ පින්වත් පැටියෝ....” කියලා හැමෝම වඩාගෙන සිඹිනවා.
8-10. ආයුවඩ්ඩන කුමාරයාගේ කථා වස්තුව
“පින්වත් මහණෙනි, ආයුෂ පමණක් වැඩිවෙලා නවතින්නේ නෑ. වීතරාගී ගුණවතුන්ට වන්දනා මානන කරද්දී කරදර කම්කටොලුත් නැතිවෙනවා. ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත් කියන මේ හතරම වැඩෙනවා.”
8-9. සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව
"සැරියුත් මහරහතන් වහන්සේ මොහු කෙරෙහි අනුකම්පා කොට බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දානයේ ඇති වෙනස්කම් ගැන කියලා දුන්නා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දෙන දානයට වඩා සිල්වත් කෙනෙකුට දෙන දානයෙහි අනුසස් වැඩියි. "
8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව
“පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්.”
8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව
“නැහැ පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්."
8-5,6. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව
“ඔබට අයහපත වුවමනා නම්, කළ යුත්තේ මෙයයි. හිරු නැගී දහවල් වනතුරුත් හොඳට නිදාගන්න. කම්මැලිකමෙන් කල් ගෙවන්න. නපුරු, දුෂ්ටකමෙන් යුක්ත වෙන්න. කළ යුතු දෑ ඒ ඒ වෙලාවට නොකොට කල් දමන්න. නුසුදුසු තැන්වල තනියම යන්න. අනුන්ගේ කාන්තාවන් ඇසුරු කරන්න. එම්බා බ්‍රාහ්මණය, මේවා ඔබ කළොත් ඔබට සිදුවන්නේ අයහපතක්මයි.”