Blog

Blog2016-11-08T10:09:37+05:30

December 2018

8-5,6. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

By |December 17th, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ඔබට අයහපත වුවමනා නම්, කළ යුත්තේ මෙයයි. හිරු නැගී දහවල් වනතුරුත් හොඳට නිදාගන්න. කම්මැලිකමෙන් කල් ගෙවන්න. නපුරු, දුෂ්ටකමෙන් යුක්ත වෙන්න. කළ යුතු දෑ ඒ ඒ වෙලාවට නොකොට කල් දමන්න. නුසුදුසු තැන්වල තනියම යන්න. අනුන්ගේ කාන්තාවන් ඇසුරු කරන්න. එම්බා බ්‍රාහ්මණය, මේවා ඔබ කළොත් ඔබට සිදුවන්නේ අයහපතක්මයි.”

Comments Off on 8-5,6. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)

By |December 15th, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|Tags: , , |

ඇය හෙමින් හෙමින් අර සොරා වටේ කරකැවෙමින් එක වටයක් නිමවා වැළඳගෙන සිපගත්තා. දෙවන වටයත් නිමාකොට වැළඳගෙන සිපගත්තා. තුන්වෙනි වටයේදී සොරාගේ පිටුපසට පැමිණි ඇය ශරීරයේ මුළු වෙර යොදා අර සොරාව චෝර ප්‍රපාතයට තල්ලු කළා. ඔහුට සිතන්න වෙලාවක් නෑ. කෑ ගසමින් වැටී මරණයට පත්වුණා.

Comments Off on 8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)

024. ආජාණීය අශ්වයා(ආජඤ්ඤ ජාතකය)

By |December 12th, 2018|Categories: 03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ආජානේය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයාත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැංගා. එක එක බලකොටුවට කඩාපැන්නා. සයවෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමහල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක්වුනා. නමුත් අශ්වයා ලේ වැගිරෙද්දි රථය ප්‍රමාද කළේ නෑ. රජ මිදුලට ම ආවා.

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21

By |December 11th, 2018|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ඉතින් පුතේ, මේ කතාව වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දුන්නේ මාරයාගේ බන්ධනය ඔයිටත් වඩා ගොඩාක් සියුම් කියලයි. මේ කාලේ රහත් උනා ය, මගඵල ලැබුවා ය, ධ්‍යාන සමාපත්ති ඉපදුවා ය, බුදුරජාණන් වහන්සේ මෙහේ උපන්නා ය, මෙහෙ බුදු උනා ය,.....

023. භෝජ ආජානීය අශ්වයා(භෝජාජානීය ජාතකය)

By |December 7th, 2018|Categories: 03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|Tags: , |

යම්කිසි වැඩක් පටන් ගත් විට කාට වුනත් බාධා ඇතිවෙන්ට පුළුවනි. අපහසුතා ඇතිවෙන්ට පුළුවනි. සිය උත්සාහය නැතිවෙන්ට පුළුවනි. එබඳු අවස්ථාවක තමාව දිරිමත් කරන්ට කවුරුන් හෝ සිටින්ට ඕනේ. එහෙම දිරිමත් වීමෙන් නැවතත් සිත ධෛර්යවත් කරගන්ට ලැබුනොත් තම අදහස් මුදුන්පත් කරගන්ට ඉඩ සැලසෙනවා. මෙයත් එබඳු කථාවක්.

8-2. බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව

By |December 2nd, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|Tags: , , , , |

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්. අද තමයි එයා මෙහෙ ආවේ. සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමඟ සුළු වෙලාවක් මොහු කතා කළ බව. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?”

Comments Off on 8-2. බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව
Go to Top