December 2018
8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)
ඇය හෙමින් හෙමින් අර සොරා වටේ කරකැවෙමින් එක වටයක් නිමවා වැළඳගෙන සිපගත්තා. දෙවන වටයත් නිමාකොට වැළඳගෙන සිපගත්තා. තුන්වෙනි වටයේදී සොරාගේ පිටුපසට පැමිණි ඇය ශරීරයේ මුළු වෙර යොදා අර සොරාව චෝර ප්‍රපාතයට තල්ලු කළා. ඔහුට සිතන්න වෙලාවක් නෑ. කෑ ගසමින් වැටී මරණයට පත්වුණා.
024. ආජාණීය අශ්වයා(ආජඤ්ඤ ජාතකය)
ආජානේය අශ්වයෝ දෙන්නා යුද ඇඳුමෙන් සරසවා රථයේ යෙදෙව්වා. මහා යෝධයාත් සන්නාහයෙන් සන්නද්ධව රථයට නැංගා. එක එක බලකොටුවට කඩාපැන්නා. සයවෙනි රජාව අල්ලාගත් වේලේ වැඩිමහල් අශ්වයා මාරාන්තික සතුරු ප්‍රහාරයකට ලක්වුනා. නමුත් අශ්වයා ලේ වැගිරෙද්දි රථය ප්‍රමාද කළේ නෑ. රජ මිදුලට ම ආවා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21
ඉතින් පුතේ, මේ කතාව වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දුන්නේ මාරයාගේ බන්ධනය ඔයිටත් වඩා ගොඩාක් සියුම් කියලයි. මේ කාලේ රහත් උනා ය, මගඵල ලැබුවා ය, ධ්‍යාන සමාපත්ති ඉපදුවා ය, බුදුරජාණන් වහන්සේ මෙහේ උපන්නා ය, මෙහෙ බුදු උනා ය,.....
023. භෝජ ආජානීය අශ්වයා(භෝජාජානීය ජාතකය)
යම්කිසි වැඩක් පටන් ගත් විට කාට වුනත් බාධා ඇතිවෙන්ට පුළුවනි. අපහසුතා ඇතිවෙන්ට පුළුවනි. සිය උත්සාහය නැතිවෙන්ට පුළුවනි. එබඳු අවස්ථාවක තමාව දිරිමත් කරන්ට කවුරුන් හෝ සිටින්ට ඕනේ. එහෙම දිරිමත් වීමෙන් නැවතත් සිත ධෛර්යවත් කරගන්ට ලැබුනොත් තම අදහස් මුදුන්පත් කරගන්ට ඉඩ සැලසෙනවා. මෙයත් එබඳු කථාවක්.
8-2. බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්. අද තමයි එයා මෙහෙ ආවේ. සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමඟ සුළු වෙලාවක් මොහු කතා කළ බව. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?”
November 2018
8-1. තම්බදාඨික නම් වූ චෝරඝාතකයාගේ කථා වස්තුව
“උපාසකය, ඇයි මේ....? කලබල වෙලා.... අසහනයට පත්වෙලා... පීඩාවෙන් ඉන්නේ...” “අනේ ස්වාමීනී, මං බොහෝ කලක් නපුරු වැඩ කරපු කෙනෙක්. බොහෝ මිනිසුන් මැරූ කෙනෙක්. මට ඒක මතක් වෙනවා. ධර්මයට සිත නඟා ගන්න අමාරුයි.” දුර්ලභ මිනිසත් බවෙහි අගය දන්නා සාරිපුත්තයන් වහන්සේගේ සිතෙහි මොහු කෙරෙහි මහත් අනුකම්පාවක් ඇතිවුණා.