Blog

Blog2016-11-08T10:09:37+05:30

March 2018

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

By |March 31st, 2018|Categories: දහම් ලිපි සරණිය|

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමති නොවනු ඇත. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයාව හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී (අස්සුතවා පුථුජ්ජනෝ) අශ්‍රැතවත් පෘථග්ජනයා යන පද යුගලය ම භාවිත කොට තිබේ.....

Comments Off on පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 19

By |March 26th, 2018|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

බලන්ට පුතේ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවනේ කරුණාව. ඉතිං අපේ ධර්මසේනාධිපතීන් වහන්සේ ඒ වධකයාගේ ගෙදරට වැඩියා. උන්නාන්සේව දැක්කා විතරයි පුතේ අර මරලතෝනි දි දී හිටිය මිනිහාගේ හිතට මහා කෝපයක් හටගත්තා නොවැ. ඇස්ගෙඩි ලොකු කොරාන අපගේ මහෝත්තමයන් වහන්සේ දිහා බලාන උන්නා.

January 2018

6-5. පණ්ඩිත සාමණේරයන්ගේ කථා වස්තුව

By |January 11th, 2018|Categories: 06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඉතින් ඈත අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය තිබුණා. උන්වහන්සේගේ ධර්මය ඇසූ බොහෝ අය අවබෝධයෙන්ම පින් කරන්න පුරුදු වුණා. පින්වල ඇති වෙනස්කම් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීම නිසා තමයි කෙනෙකුට නියම විදිහට පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා.

December 2017

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18

By |December 31st, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

“උත්තර.... සංසාරේ සැරිසරා යන්ට වීම නිසා ම යි මේ හැම දෙයක් ම වෙන්නේ. උත්තර, මේ ඔබේ පෙර ආත්මයක සිදුවූ වරදක විපාකයක්. කලින් ආත්මෙක මිනිස් උපතක් ලබා ඉන්නැද්දී කුඩා අවදියේ ළමයි සමග සෙල්ලම් කළා. එතකොට ඔබ මැස්සෙක් අල්ලාගෙන ‘මේ බලාපං මං මේකාට අච්චු දෙනවා’ කියා කොහොඹ කූරක මැස්සව උල ඉන්දුවා.

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18

6-4. මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව

By |December 29th, 2017|Categories: 06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින කියන්නේ මහා පුදුම දෙයක්. විස්මිත දෙයක්. පිනකට කරන්න පුළුවන් යහපත අප්‍රමාණයි. සසර පුරාවට සෙවණැල්ලක් මෙන් තමා පස්සෙන් එන්න මේ පිනට පුළුවන්. බොහෝ පින් කොට පින් බලයෙන්ම ශ්‍රේෂ්ඨ වුණු උතුම් සඟරුවනක් ගැනයි දැන් ඔබ දැනගන්නේ. උන්වහන්සේගේ නම මහා කප්පින.

Comments Off on 6-4. මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

By |December 27th, 2017|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

එතකොට පුතේ ඒ දෙවිවරු තුන්දෙනා මූණට මූණ බලාගත්තා. තුන්දෙනාට ම තමුන්නේ පූරුවෙ ආත්මේ මතක් වුනා. තමන්ගෙන් බණ ඇසූ ගෝපිකාවෝ දැන් පිරිමි ආත්මයකුත් ලබලා, සක්දෙවිඳුගේ පුත් තනතුරේත් ඉපදිලා, සෝවාන් ඵලයටත් පත්වෙලා, දෙව්ලොව කාමයටත් නොඇලී ධර්මය ම මෙනෙහි කරනවා.

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16
Go to Top