April 2018
Archaeologists’ discovery puts Buddha’s birth 300 years earlier
When Professor Robin Coningham's youngest son Gus was five, he was asked at school what his father did. "He works for the Buddha," said the boy. Which led to a bit of confusion, recalls Coningham. But it turns out Gus was not that far off the mark. Last week it emerged that a team led by Coningham, a professor of archaeology and pro-vice-chancellor at Durham University, had made a startling discovery about the date of the Buddha's birth, one that could rewrite the history of Buddhism. After a three-year dig on the site of the Maya Devi temple at Lumbini in Nepal, Coningham and his team of 40 archaeologists discovered a tree shrine that predates all known Buddhist sites by at least 300 years.
March 2018
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?
බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමති නොවනු ඇත. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයාව හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී (අස්සුතවා පුථුජ්ජනෝ) අශ්‍රැතවත් පෘථග්ජනයා යන පද යුගලය ම භාවිත කොට තිබේ.....
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 19
බලන්ට පුතේ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවනේ කරුණාව. ඉතිං අපේ ධර්මසේනාධිපතීන් වහන්සේ ඒ වධකයාගේ ගෙදරට වැඩියා. උන්නාන්සේව දැක්කා විතරයි පුතේ අර මරලතෝනි දි දී හිටිය මිනිහාගේ හිතට මහා කෝපයක් හටගත්තා නොවැ. ඇස්ගෙඩි ලොකු කොරාන අපගේ මහෝත්තමයන් වහන්සේ දිහා බලාන උන්නා.
January 2018
6-5. පණ්ඩිත සාමණේරයන්ගේ කථා වස්තුව
ඉතින් ඈත අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය තිබුණා. උන්වහන්සේගේ ධර්මය ඇසූ බොහෝ අය අවබෝධයෙන්ම පින් කරන්න පුරුදු වුණා. පින්වල ඇති වෙනස්කම් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීම නිසා තමයි කෙනෙකුට නියම විදිහට පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා.
December 2017
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 18
“උත්තර.... සංසාරේ සැරිසරා යන්ට වීම නිසා ම යි මේ හැම දෙයක් ම වෙන්නේ. උත්තර, මේ ඔබේ පෙර ආත්මයක සිදුවූ වරදක විපාකයක්. කලින් ආත්මෙක මිනිස් උපතක් ලබා ඉන්නැද්දී කුඩා අවදියේ ළමයි සමග සෙල්ලම් කළා. එතකොට ඔබ මැස්සෙක් අල්ලාගෙන ‘මේ බලාපං මං මේකාට අච්චු දෙනවා’ කියා කොහොඹ කූරක මැස්සව උල ඉන්දුවා.
6-4. මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, පින කියන්නේ මහා පුදුම දෙයක්. විස්මිත දෙයක්. පිනකට කරන්න පුළුවන් යහපත අප්‍රමාණයි. සසර පුරාවට සෙවණැල්ලක් මෙන් තමා පස්සෙන් එන්න මේ පිනට පුළුවන්. බොහෝ පින් කොට පින් බලයෙන්ම ශ්‍රේෂ්ඨ වුණු උතුම් සඟරුවනක් ගැනයි දැන් ඔබ දැනගන්නේ. උන්වහන්සේගේ නම මහා කප්පින.






