May 2015
001. අපණ්ණක ජාතකය
මේ කථාව නිසා තිසරණය කියෙන්නේ නිදොස් ප‍්‍රතිපදාව කියල අර උපාසක වරුන්ට වැටහුනා. තිසරණයෙන් බැහැර ඇති පිහිට තියෙනවා කියන තැන් අර අමනුස්සයන් ගේ මායාව වගේ කියලත් අවබෝධ වුනා. භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් පිළිසරණ ඒ උපාසකවරුන්ට තේරුනා. ඔවුන් සියලු දෙනා සෝවාන් ඵලයට පත් වුනා.
April 2015
අසිරිමත් ශාස්තෘත්වය
“පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම්, ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි.
The Supreme Buddhas’ Great Compassion
The realization our Lord Buddha attained when He became the Supreme Buddha was a miraculous thing, an extraordinary thing, and a wonderful thing. With that realization, He freed Himself from the suffering of Samsara.
අසිරිමත් සත්‍ය කථාවක්
ඔය විදිහට අම්බසක්ඛර ලිච්ඡවී රජතුමා විශාලා මහනුවර එක්තරා උපාසකයෙක් බවට පත් වුණා. ශ‍්‍රද්ධාවන්ත වුණා. භික්ෂූන්ට මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. සංඝයාට ඉතා යහපත් විදිහට උපස්ථාන කළා. හුලමත හිටවපු කෙනා සනීප වුණා. නිදහසේ යන එන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වුණා. ලිච්ඡුවි රජුයි, ඒ පුද්ගලයායි දෙන්නම මාර්ගඵල අවබෝධ කළා.
ලක්දිවින් දඹදිවට
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඒ දෙසුම් කියවද්දී අවිද්‍යා සහගත වූ සම්මෝහයෙන් වෙලී සිටි ජනතාව ගේ ඒ මෝහ පටලය නම් වූ කඩතුරාව සී සී කඩව ගිය වැරහැලි බවට පත්කොට යුගාන්තයෙහි අහස්කුස දිලිහෙන හිරු මඬල පරිද්දෙන් ආලෝකය විහිදුවන මුඹ වහන්සේ ගේ ප‍්‍රඥාව ඉස්මතු වෙන ආකාරය වර්ණනා විෂය ඉක්මවා යන්නේය.
3-11. සෝරෙය්‍ය සිටුවරයාගේ කථා වස්තුව
මේ සෝරෙය්‍ය සිටුවරයා මහා කච්චායන මහරහතන් වහන්සේ දෙස එක හුස්මට බලාගෙන හිටියා. ලාමක පවිටු සිතුවිලි වේගයෙන් ඇතිවුණා. මහා කච්චායන මහරහතන් වහන්සේ බිමට නැඹුරු වූ නෙතින් යුතුව ශාන්ත ගමනින් වැඩම කළා. සෝරෙය්‍ය සිටුවරයාගේ සිත කැළඹිලා ගියා. ඔහු කැළඹුණු සිතින් යුතුව එ් ගැනම සිතන්නට පටන් ගත්තා. එයම සිතින් සිත සිතා සිටිද්දී තමාගේ සිරුරට කුමක්දෝ මහා අමුත්තක් සිදුවෙනවා තේරුණා. මහා වෙනසක් සිදුවෙනවා තේරුණා.



