November 2014
චරථ භික්ඛවේ චාරිකං
පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය, පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න, දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න.
අසිරිමත් පසේබුදු පෙළහර 20
“බොහෝ උදවිය තවත් කෙනෙකුන්ව ඇසුරු කරන්නේත්, සේවනය කරන්නේත් යම්කිසි ලාභ ප‍්‍රයෝජනයක් ලබාගැනීම වාසිය කරගෙනයි. ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව සිටින යහපත් මිතුරන් ලැබීම අද කාලෙ දුර්ලභයි. තමන්ගේ යහපතට තියෙන ප‍්‍රඥාව අයුතු විදිහට වාසියට යොදවන්න ගිහින් මිනිසුන් අපිරිසිදු වෙලයි ඉන්නේ. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
1-19,20. යහළු භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙයින් හොඳට පැහැදිලි වෙනවා. ධර්මයෙන් ප‍්‍රයෝජන ලබාගන්නට පුළුවන් වන්නේ ඒ ධර්මය අනුගමනය කිරීමෙන් විතරමයි. ලෝකයට කොයිතරම් බණ කිය කියා හිටියත් තමන් ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම්, එයා අනුන්ගේ ගව රැල බලාගන්නා ගොපල්ලෙක් වගේ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ගොපල්ලා නිතර ගවයන් ගොදුරුබිම් කරා ගෙනියනවා. ගවයන්ට වතුර බොන්න සලස්වනවා. ගවයන්ව රැකබලා ගන්නවා. නමුත් ඒ ගවයන් නිසා ලබන කිරිවත්, ගිතෙල්වත්, වෙනන් පස්ගෝරසවත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු එයට හිමිකරුවෙක් නොවේ. ගවරැලේ අයිතිකාරයාටයි එ්වා ලැබෙන්නේ. ධර්මයේ නොහැසිරෙමින් අනුන්ට ඒ ධර්මය කිය කිය හිටියොත් ඒ කෙනා ගොපල්ලෙක් වගේමයි.
17. අට්ඨික සඤ්ඤාව
පෙර ලක්දිව මිහින්තලේ විසූ තිස්ස නම් ස්වාමීන් වහන්සේ නමක් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරයට වඩිමින් සිටියහ. ස්වාමියා සමඟ අමනාප වූ කාන්තාවක් ඒ මාර්ගයේම උන්වහන්සේ ඉදිරියෙන් පැමිණ සිනා සිසී උන්වහන්සේ පසුකොට ගමන් කළේය.
16. සතර බ‍්‍රහ්ම විහරණ
අන් අයගේ කායික මානසික පීඩාවන් කෙරෙහි ඇති වන අනුකම්පාව කරුණාවයි. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අප සියලූ දෙනාම සෑම මොහොතකම විවිධ දුක් කරදර පීඩාවන්ගෙන් පීඩා විඳින්නෙමු. ලෙඩ දුක්, හදිසි ස්වභාවික විපත් ආදියේදී බොහෝ දෙනා කායිකවත්, මානසිකවත් පීඩා විඳිනවා. ඒ ආකාරයෙන් අසරණ භාවයට පත් වූ අය දෙස අනුකම්පාවෙන් බැලීමේදී ඇතිවෙන්නේ කරුණාවයි. කරුණාව දියුණු කිරීමෙන් කරුණා චේතෝ විමුක්තිය ඇති කරගත හැකිය.
15. මරණානුස්සති භාවනාව
අප‍්‍රමාදී බව ජීවිතයට රැකවරණ සලසා දෙයි. සැප සතුට උදා කර දෙයි. අපි සියලූ දෙනාම කරුණු දෙකක් මුල් කර ගෙන අප‍්‍රමාදී විය යුතුය. එකක් නම් ජීවිතයට පින් දහම් එකතු කරගැනීම පිණිස අප‍්‍රමාදී විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ පිනට බය වෙන්න එපා කියලයි. (මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ) නිරතුරුවම කුසල් දහම් වඩන්න. (කත්තබ්බං කුසලං බහුං) මේ ජීවිතය තුළ අපි රැස් කරගන්නා කුසල් දහම් අපගේ සංසාරික ජිවිතය සැපවත් කරයි.


