දහම් ලිපි සරණිය

පොසොන් විරිඳු….

2018-10-31T15:06:19+05:30May 30th, 2015|දහම් ලිපි සරණිය|

ශ‍්‍රමණවරුන් කියා රජුනි අපට කියන්නේ අප හැම දම් රජුගේ ශ‍්‍රාවකයන් වන්නේ ඔබ ගැන අනුකම්පාවෙන් ම යි අප එන්නේ දඹදිව් තලයෙන් පිටවී අපි මෙහෙ එන්නේ දඹදිවෙනුයි ආවේ .....

සිරිලක රහතුන් බිහි වූ මාසය

2016-11-08T10:09:58+05:30May 29th, 2015|දහම් ලිපි සරණිය|

පොසොන් පොහොය යනු ශ‍්‍රී ලාංකීය ජනතාවගේ අභිමානවත් සැබෑම නිදහස් දිනයයි. නැකතට දඩ කෙලියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵල ලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත් වූයේ පොසොන් පොහෝ දවසේ ලත් මහානීය දායාදය වූ බුදු දහමේ මහිමයෙනි.

නෙත් සඟල

2020-04-28T19:45:52+05:30May 23rd, 2015|මණිමේඛලා|

භාග්‍යවතුන් වහන්සේගේ මහා කාරුණික නෙත් සඟලින් අනුකම්පාවෙන් බලා සිටියේ දහමට දිවි පිදූ තම දියණියගේ නෙත් සඟල දෙසයි. සුභා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඈට හරී සතුටුයි. විරාගී සතුටකින් සිත පිනා යනවා. කිසි බයක්, තැති ගැනීමක් නෑ. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවා. ඇය අරහත්වයට පත්වුණා. අමා නිවනට පත්වුණා.

❁ රැහේ එකී දහම දකී ❁

2020-03-29T15:24:35+05:30May 12th, 2015|මණිමේඛලා|

තාපසලැත්තා පැල්කොටේ දෙස බැලූවා. අළුපාට පැල්කොටෙන් චාපා එළියට ආවා. වලාකුලකින් විදුලියක් නික්මුණා වගෙයි. මිදුල් පොජ්ජ දිලිසුණා. තාපසලැත්තෝ ඇස්පිය නොහෙළා දෑස් විදහාගෙන බලාන ඉන්නවා. එ් මොහොතෙම තාපසලැත්තගෙ භාවනාව සුන්නද්දූලි වුණා.

❀ සිතාගන්නට පුළුවනි..! ❀

2018-11-01T21:28:55+05:30May 3rd, 2015|දහම් ලිපි සරණිය|

වෙසක් සඳ නැගෙන විට - සල්මල් සුවඳ එන විට සාධු හඬ ඇසෙන විට - සිතා ගන්නට පුළුවනි අද වැනි පොහො දිනෙක - බෝසත් උපත වූ වග වෙසක් සඳ නැගෙන විට - සිල් සුවඳ පැතිරෙන විට දන්සැල් දකින විට - සිතා ගන්නට පුළුවනි ගෞතම අප මුනිඳු - සම්බුදු බවට පත් වග

දෙව්ලොව උපන් සුමෝහිත හිමි

2020-01-18T18:24:36+05:30May 2nd, 2015|දහම් ලිපි සරණිය|

එකම පවුලක දරු දෙදෙනෙක් හිටියා. ඔවුනුත් නිතර ධර්මය ඇසුවා. ඔවුන්ටත් ගෞතම බුදු සසුනේ මහණදම් පුරන්න ආසා හිතුනා. දෙමාපියන් ගෙන් අවසර ගෙන මේ දරු දෙදෙනා ඉතා ශ‍්‍රද්ධාවෙන් මහණ වුනා. උපසම්පදාත් වුනා. වැඩිමහල් භික්ෂුවට මෝහිත යන නම ලැබුනා. බාල භික්ෂුවට සුමෝහිත යන නම ලැබුනා.

ලක්දිවින් දඹදිවට

2018-10-31T15:38:08+05:30April 17th, 2015|දහම් ලිපි සරණිය|

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඒ දෙසුම් කියවද්දී අවිද්‍යා සහගත වූ සම්මෝහයෙන් වෙලී සිටි ජනතාව ගේ ඒ මෝහ පටලය නම් වූ කඩතුරාව සී සී කඩව ගිය වැරහැලි බවට පත්කොට යුගාන්තයෙහි අහස්කුස දිලිහෙන හිරු මඬල පරිද්දෙන් ආලෝකය විහිදුවන මුඹ වහන්සේ ගේ ප‍්‍රඥාව ඉස්මතු වෙන ආකාරය වර්ණනා විෂය ඉක්මවා යන්නේය.

Go to Top