පිවිතුරු පැන් පූජා – 2019.04.12
ශ්රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, කන්තලේ පන්සල්ගොඩැල්ල ඉදිකළ, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය
ශ්රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, කන්තලේ පන්සල්ගොඩැල්ල ඉදිකළ, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් මෙවර වෙසක් සීල භාවනා වැඩසටහන උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
කාලිංග මාඝ කාලයේවත් නොසිදු වූ ආකාරයේ අතිශයින්ම බිහිසුණු සහ ම්ලේච්ඡ ආගමික ත්‍රස්තවාදයකට දැන් අපගේ සොඳුරු මාතෘභූමිය මුහුණ දී සිටියි. මෙය සුළු කොට නොතැකිය යුතුය. දැන් ඉතින් එකිනෙකාට දොස් කීමෙන් පලක් නැත. එහෙත් අප විසින් හදවතට එකඟව කළයුතු එක ම දෙයක් ඇත. එනම් සත්‍යක්‍රියා කිරීම යි. එම සත්‍යක්‍රියාව මෙසේ කරන්න.
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ශ‍්‍රාවකයන් වහන්සේ නමක් වූ, අපමණ තේජෝ බල ඇති, අපමණ අනුකම්පා ඇති, ආර්ය වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ‍්‍රීමත් ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම උදෙසා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2019 අප්‍රේල් මස 18 වන දින හිමිදිරි උදෑසන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකෙරුනා.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 28 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2019-04-06 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී.....
මහා තෙද ඇති, මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසා මහා පූජෝපහාර මංගල්‍යයක් පසුගිය මැදින් පුන් පොහෝදා (2019-03-20) හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට පසුගිය පෙබරවාරි මස 28 වන දිනට වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන පෙබරවාරි 22 වන දින දොම්පේ ප්‍රාදේශිය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරන ලදී. මෙම පින්කමේදී මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සිසු දරුවන් විසින් පහත ආකාර වලින් පින් රැස් කරගන්නට යෙදුනි.
සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ උතුම් ධාතු නිධානෝත්සවය පෙබරවාරි මස 17 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවූ වගයි...
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ (2019) පෙබරවාරි මාසයේදී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි.
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් සංවිධාන කළ ''අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා'' යන්න තේමා පෙරදැරිව ‘යොවුන් දහම් සක්මන 2019 ‘ සදහම් වැඩසටහන පෙබරවාරි මස 10 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථකව නිමාවට පත් විය.