News

News2016-11-08T10:09:29+05:30
407, 2018

තඹකන්ද අසපුවේ නව විහාර මන්දිරය විවෘත කිරීම

By |July 4th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on තඹකන්ද අසපුවේ නව විහාර මන්දිරය විවෘත කිරීම

තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහසඟ රුවනේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැත්වේ. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි - සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනිමනු ලැබේ.  විශේෂයෙන්ම මෙම විහාර මන්දිරයේ පිළිම වහන්සේලා සඳහා මුදලින් දායකත්වය දැරූ සියලු දෙනාටත් එමෙන්ම මෙම විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාටත් මෙම පින්කම දැකබලා අනුමෝදන් වනු කැමති සියලු දෙනාටත් මෙම උතුම් අවස්ථාවට සපැමිණෙන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

2906, 2018

ලක් මුනි වරුණ – ධර්ම දේශනා මාලාව

By |June 29th, 2018|Categories: News, නවතම පුවත්|2 Comments

පසුගිය පොසොන් පුන් පොහෝ දිනය පුරා (2018--06-27) හොරණ මහමෙව්නාව භාවනා අසපුවෙහි ලක් මුනි වරුණ නමින් විශේෂ ධර්ම දේශනා මාලාවක් පවත්වන්නට යෙදුනා. එම ධර්ම දේශනා සියල්ලේ ම විස්තර වූයේ අපගේ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි අතීතයේ වැඩසිටි උතුම් රහතන් වහන්සේලා පිළිබඳ තොරතුරු යි. එමෙන්ම එදින සවස අරහත් මුනිවරුන්ගේ ගුණ සිහිකරමින් අරහන්තක වන්දනාවකුත් රාත්‍රියේ පාලියෙන් සහ සිංහලෙන් මහාසමය සූත්‍ර දේශනාව සජ්ඣායනා කිරීම ද සිදුකෙරුනා.

1506, 2018

නව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම – කළුබෝවිටියන මහා විද්‍යාලය

By |June 15th, 2018|Categories: News, නවතම පුවත්|1 Comment

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය, මැලේසියාවේ ථේරවාද බෞද්ධ මණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා සමාගම එක්ව පසුගිය වසරේ මැයි මස දී නායයෑමෙන් දැඩි ලෙස අලාභ හානි වූ මාතර, කළුබෝවිටියන මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු ආරම්භ කරන ලදී. කළුබෝවිටියන මහා විද්‍යාලයේ නැවත ඉදි කරනු ලැබූ දිගින් අඩි 80 ක් සහ පලළින් අඩි 25ක් වූ පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය ජූනි මස 13 වැනිදා පැවැත්විණි. කළුබෝවිටියන මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන්, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සමාජය සහ මැලේසියාවේ ථේරවාදී බෞද්ධ මණ්ඩලය විසින් අරමුදල් සපයනු ලැබිනි. මෙම සත්ක්‍රියාව ඩයලොග් ආසිආටා සමාගමේ සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලැබූ අතර, මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය නොමිලේ ලබාදී ඇත.

3105, 2018

හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ නව කුටි සෙනසුන් සඳහා මුල්ගල් තැබීමේ පින්කම

By |May 31st, 2018|Categories: News, නවතම පුවත්|2 Comments

2018 මැයි 27 වන දිනට අසපුව පූජා කර වසර 11 ක් සැපිරීම නිමිති කරගෙන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදය මත හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ හුදෙකලා භාවනා කුටි සෙනසුන් සදහා ද කුටි සංකීර්ණය තුළ නව භාවනා කුටි සෙනසුන් සදහා ද මුල්ගල් තබන්නට යෙදුනා. හොරණ නගරාධිපති තැන්පත් ඩබ්ලිව්. සිරිසෝම මහතා, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නයන ප්‍රියන්ජිත් වැලිකල මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය, හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා සහ අසපු භුමිය බුදු සසුනට පූජා කළ ඩී.කේ. සුබසිංහ මහතා, ජීවක සුබසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ මෙම පින්කම සිදුවිය... පින් කැමැත්තෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා...!

2705, 2018

අසිරිමත් සම්බුදු තෙමඟුල් වර්ණනාව – 2018-05-26 (ඡායාරූප)

By |May 27th, 2018|Categories: News, නවතම පුවත්|8 Comments

මින් විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය පතනු මැනවැයි කියා දෙවියන්ගෙන් ඇරයුම් ලැබූ මොහොතේ පටන් මින් වසර දෙදහස් පන්සිය හැට දෙකකට පෙර පහන් සිලක් නිවී යන සේ පිරිනිවන් වැඩි මොහොත දක්වා අසිරිමත් සම්බුදු දිවියේ තොරතුරු (සංක්ෂේපයෙන්) විස්තර කරමින් විශේෂ දහම් වැඩසටහනක් ඊයේ දින (2018-05-26) රාත්‍රී 8 සිට රැය පහන්වන තුරු පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වුනා.

2305, 2018

ගර්භිනී මව්වරුන්ගේ සදහම් වැඩසටහන – 2018-05-20.

By |May 23rd, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on ගර්භිනී මව්වරුන්ගේ සදහම් වැඩසටහන – 2018-05-20.

"පින්වන්ත දරුවන් ලබන්නට නම්" ගැබිණි මව්වරුන්ගේ සදහම් වැඩසටහන් මාලාවේ පස් වන අදියර මාතර සමූපකාර සමිති ශාලාවේදී මැයි මස 20 වන දින පවත්වන්නට යෙදුණි. මේ තුළින් රැස් වූ සියලු පින් සියලු දෙනාම සතුටින් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා!

Go to Top