Blog

Blog2016-11-08T10:09:37+05:30

July 2019

මහාවංශය – විසිහත්වෙනි පරිච්ඡේදය

By |July 10th, 2019|Categories: මහාවංශය|Tags: , , , |

1. ඊටපසු පරම්පරාවෙන් අස්සවන ලද ඉතා ප්‍රසිද්ධව අසන්ට ලැබුනු කතාවක් ගැන අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ සිත යොමු කළා. එනම්, මහා පින් ඇති, හැමදා පින් ඇති, ප්‍රඥාවෙන් යුක්තව ම තීරණය ගන්නා, 2. ලංකාදීපය තුනුරුවන් කෙරෙහි පැහැද වූ [...]

මහාවංශය – විසිහයවෙනි පරිච්ඡේදය

By |July 8th, 2019|Categories: මහාවංශය|Tags: , , , |

‘ස්වාමීනී, සංඝයාව සිහි නොකොට මං මිරිස්වැටියක් අනුභව කළා. ඒ වරදට මට දඬුවමක් වේවා! යි කියලා ඉතා මනහර ලෙස චෛත්‍ය සහිතව මිරිසවැටි විහාරය කෙරෙව්වා. අපගේ සංඝයා වහන්සේ මේ විහාරය පිළිගන්නා සේක්වා! කියලා ඉතා සතුටු සිතින් යුක්තව අතපැන් වක්කරලා භික්ෂු සංඝයා උදෙසා විහාරය පූජා කළා.

මහාවංශය – විසිපස්වෙනි පරිච්ඡේදය

By |July 6th, 2019|Categories: මහාවංශය|

දුටුගැමුණු රජ්ජුරුවෝ තමන්ගේ කඩොල් ඇතා ලවා එළාර රජ්ජුරුවෝ ඔසොවාගෙන හිටිය පර්වත ඇතාට දළෙන් ඇන්නුවා. එළාර රජ්ජුරුවන්ට තෝමරයෙන් දමලා ගැසුවා. එතකොට ඇතාත් සමඟ රජ්ජුරුවෝ ඇදගෙන වැටුනා. දිනාගත් යුද්ධය ඇති, මහා බලසේනා වාහනයන්ගෙන් යුක්ත අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ ලංකාව එකම ඡත්‍රයක් යටතට අරගෙන අනුරාධපුර නගරයට පිවිසියා.

12-6. දේවදත්තගේ කථා වස්තුව

By |July 3rd, 2019|Categories: 12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"පාපී ගතිගුණ ඇති, දුස්සීල වූ, ලාභ සත්කාර කෙරෙහි විකෘති ආශාවකින් පෙළුණු මේ දේවදත්තයා අජාසත් කුමරාවත් නොමග යැව්වා. රැවැට්ටුවා. ඒ හේතුවෙන් මහත් වූ ලාභසත්කාරයක් උපද්දවාගත්තා. අජාසත්ව තම පියාව ඝාතනය කරන්නත් පෙළඹෙව්වා."

මහාවංශය – විසිහතරවෙනි පරිච්ඡේදය

By |July 2nd, 2019|Categories: මහාවංශය|

ඒ යුද්ධයේ දී තිස්ස කුමාරයාගේ දහස් ගණන් මිනිස්සු යුද්ධ කරද්දී මරණයට පත්වුනා. ඔහුගේ මහා බලය බිඳිලා ගියා. ‘මාගේ පිට උඩින් ස්ත්‍රී සතෙකුව පැන්නුවේ මේ ඇත්ගොව්වාගේ අදක්ෂකම නිසා ය’ කියලා කඩොල් ඇතාට හොඳට ම කේන්ති ගියා. තිස්ස කුමාරයාව බිම වට්ටවන්ට ඇඟ සොලව සොලවා එක්තරා රුකක් වෙත ගියා. තිස්ස කුමාරයා ගහට ගොඩ වුනා. කඩොල් ඇතා තමාගේ ස්වාමියා වන දුටුගැමුණු රජ්ජුරුවෝ ළඟට ගියා. ඇතා පිට නැගපු දුටුගැමුණු රජ්ජුරුවෝ පලායන තිස්ස කුමාරයාගේ පිටිපස්සෙන් පැන්නුවා.

June 2019

මහාවංශය – විසිතුන්වෙනි පරිච්ඡේදය

By |June 29th, 2019|Categories: මහාවංශය|

ඒ දස මහා යෝධයෝ රාජ අණ පරිදි එක් එක්කෙනා තව යෝධ පුරුෂයන් දස දෙනා බැගින් සොයාගෙන රජ්ජුරුවන් ඉදිරියට ඇවිත් පෙනී හිටියා. ඒ යෝධයන් සියලු දෙනාටත් වෙන වෙනම යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන එන්ට කියලා අණ කළා. එතකොට ඔවුන් සියලු දෙනාත් යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන ඇවිත් රජ්ජුරුවෝ ඉදිරියේ පෙනී සිටියා. රජ්ජුරුවෝ දහසක් වූ ඔවුන්ට කලින් වගේ ම වෙන වෙන ම යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන එන්ට කියලා නියම කළා. ඒ යෝධයන් දහස් දෙනාත් රාජ අණ පරිදි එක් එක්කෙනා යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන ආවා. ඒ යෝධයන් සියලු දෙනාම එකතු කළ විට එකොළොස් දහස් එකසිය දහ දෙනෙක් වුනා.

Go to Top