June 2019
මහාවංශය – පහළොස්වෙනි පරිච්ඡේදය
ඔය විදිහට බුදු සසුන බබළවන මිහිඳු මහරහතන් වහන්සේ සතියක් ඇතුලත මාර්ගඵලලාභීන් අටදහස් පන්සියයක් ඇති කොට වදාළා. මිහිඳු මහරහතන් වහන්සේ බුදු සසුන බබුළුවා වදාළ තැන යන අර්ථයෙන් මහා නන්දන වනයට ‘ජෝතිවනය’ යන නාමය ලැබුනා. ‘දේවානම්පිය’ යන නාමයෙන් යුක්ත වූ සොඳුරු නුවණැති රජ්ජුරුවෝ නිමල ප්‍රඥා ඇති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණ මේ අනුරාධපුරයේ කරවූ මේ විහාරය ලංකාවේ පළමු මහාවිහාරය යි.
මහාවංශය – දහහතරවෙනි පරිච්ඡේදය
අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවාලීමේදී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුනා. ලංකාවේ රජමැදුරේත්, ඇත් හලේදී යන ස්ථාන දෙකේ දී ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ධර්මය වදාළා. මේ දිවයිනට පිළිසරණ වූ උන්වහන්සේ සද්ධර්ම මාර්ගයෙහි බැසගන්ට කටයුතු කොට වදාළා.
මහාවංශය – දහතුන්වෙනි පරිච්ඡේදය
තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ රහතන් වහන්සේලා ඈත පිටිසර රටවලට පිටත් කොට යවන කාලයේ දී අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේට උපසම්පදාව ලබා දොළොස් අවුරුද්දයි. උන්වහන්සේගේ උපාධ්‍යාය වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසිනුත් උතුම් සංඝ රත්නය විසිනුත් උන්වහන්සේට නියම කරනු ලැබුවේ ලංකාවට වඩින්ට යි.
12-1. බෝධිරාජකුමාරයාගේ කථා වස්තුව
"අදට වුණත් දරුවන් නැති දෙමව්පියන් කොතරම් නම් ඉන්නවාද? වෙනත් දෙමව්පියන් දරු සුරතල් බලන අයුරු දැක මොනතරම් සුසුම් හෙළනවාද? දරුවන් ලබාගැනීම උදෙසා මොන තරම් වියදම් කරනවාද?."
මහාවංශය – දොළොස්වෙනි පරිච්ඡේදය
මහා කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පවා නිතර නිතර සමවැදීමෙන් වෙන් නොවී සිටි ඒ රහත්ඵල සමාපත්තිය නම් අමා සැපය විඳීම පවා අත්හරිමින් අපගේ රහතන් වහන්සේලා ඒ ඒ රට රාජ්‍යයන්ට වැඩම කොට ලෝක සත්වයාට බොහෝ කල් හිත සුව පිණිස කටයුතු සලසා වදාළා. එනිසා ලෝක සත්වයාට හිත සුව සලසන්ට කව්රු නම් ප්‍රමාද වෙත් ද!
මහාවංශය – එකොළොස්වෙනි පරිච්ඡේදය
ධර්මාශෝක නරේන්ද්‍රයාගෙන් ඇසූ වචනයට අනුව තම ස්වාමියාගේ දියුණුව කෙරෙහි ඇලුනු සිත් ඇති ඒ ඇමතිවරු ලංකාවාසීන්ගේ හිතසුව කැමැති දෙවනපෑතිස් රජුන්ව නැවත වතාවක් දඹදිව කෙරෙන ක්ෂත්‍රිය චාරිත්‍ර අනුව අභිෂේක කළා. දේවානම්ප්‍රිය යන උපපදය යුක්ත කොට පවසන, තමන්ගේ ජනයාට සැපය සලසන්නා වූ ඒ රජ්ජුරුවෝ වෙසක් මස පුන් පොහෝ දවසේදී ලංකාවෙහි මහා උත්සවාකාරයෙන් නැවතත් අභිෂේක කළා.






