Blog

Blog2016-11-08T10:09:37+05:30

November 2018

7-3. බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව

By |November 6th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

‘මං හැමදාම පිණ්ඩපාතෙ වඩිනවා. රස දෙයක් ලැබුණත්, නීරස දෙයක් ලැබුණත්, හපලා ගිල්ලට පස්සේ වෙනසක් නෑ. තෙත දෙයක් ලැබුණත්, වේලිච්ච දෙයක් ලැබුණත් වැළඳුවාට පස්සේ ඇඟට ටිකක් පණ එනවා නම්, මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දානෙ පොඞ්ඩක් වෙනුවෙන් හැමදාම පිඬු සිඟා වඩින එකේ තේරුමක් නෑ.’

020. නළපාන ජාතකය

By |November 2nd, 2018|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඉතින් ඒ වානර පිරිස මහවඳුරා ගේ කීමට අනුව ම කටයුතු කළා. දවසක් මේ වානර පිරිස වෙන පළාතකට ගියා. ඒ පළාතේ පානය කරන පැන් පොකුණක් හොයා ගන්න ටික දවසක් ගතවුනා. වඳුරු පිරිස ඒ පොකුණ ළඟට ගියා. නමුත් පැන් බිව්වේ නෑ. මහවඳුරා එනකල් මග බල බලා සිටියා. බෝසත් වඳුරා ආවා.

019. ආයාචිතභත්ත ජාතකය

By |November 2nd, 2018|Categories: 02. සීල වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඉතාමත් ඈත අතීතේ එක්තරා ගමක හිටිය නිවැසියෙක් ගම ඉදිරියේ පිහිටි සුවිශාල නුගරුක ළඟට ගියා. ඒ නුග රුකට අරක්ගත් දෙවියන්ට සත්ව බිල්ලෙන් දානයක් දෙන්න පොරොන්දු වුනා. කරදරයක් නැතිව ආපහු ඇවිත් ඒ සත්තු බිලි දීල බාරෙන් නිදහස් වෙන්නම් කියලත් පොරොන්දු වුනා. එතකොට ඒ නුග රුකේ හිටපු රුක්දෙවියා අතුපතර තුලින් අර මිනිසා ඉදිරියේ පෙනී සිට මේ ගාථාව පැවසුවා.

Comments Off on 019. ආයාචිතභත්ත ජාතකය

October 2018

7-2. මහා කස්සප තෙරුන්ගේ කථා වස්තුව

By |October 20th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

හා...! හා...! පින්වත් මහණෙනි, මාගේ පුත්‍ර වූ මහා කස්සපයන්ට නම් මොකවත් කියන්න එපා...! කිසි දවසක දායක ගෙවල්වලින් ලැබෙන සත්කාර, සම්මාන වලට කස්සපයන්ගේ සිත ඇලුණෙ නෑ.... මහා කස්සපයන්ට නවතින්න කිව්වෙ මමයි! පින්වත් මහණෙනි, මහා කස්සපයන් පුන් සඳක් වගේ. අහසේ පායන පුන්සඳ හැමදාම අලුත්.

7-1. ජීවකට පිළිතුරු දීමේ කථා වස්තුව

By |October 18th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

දේවදත්ත හොරෙන්ම පර්වත මුදුනට නැගගත්තා. ලොකු කළු ගලක් තල්ලු කරගෙන ආවා. හරියටම බුදුරජාණන් වහන්සේගේ හිස මත අතහරින්න ඕන කියලා අර කළු ගල බුදු සිරස මතට අත්හැරියා. පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ අසත්පුරුෂයා හිතුවේ ඒක හරි ගියා කියලා. දේවදත්ත හනිකට පැනලා දිව්වා. නමුත් හරිම අසිරිමත් දෙයක් සිදුවුණා.

6-12,13,14. පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව

By |October 10th, 2018|Categories: 06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

වස්සානයෙන් පස්සේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට කැමැත්තක් ඇතිවුණා. ඉතින් ඔවුන් පිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට පැමිණුනා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔවුන් සියලු දෙනාගේ සිත්වල ධර්මාවබෝධයට ඇති හැකියාව බුදුරජුන් විසින් විමසා බැලුවා. ඔවුන්ගේ ධර්මාවබෝධය මුහුකුරා යන ආකාරයෙන් මේ ගාථාවන් වදාළා.

Comments Off on 6-12,13,14. පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව
Go to Top