නිදාගත් ජාතියට පාඩමක්

නිදාගත් ජාතියට පාඩමක්2017-02-09T10:25:29+05:30

මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි

October 28th, 2016|Divaina Articles|

එතකොට යුරෝපීය ජාතිකයන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමට යි. බුදු සසුන නැති කිරීමට යි. ඔවුන් දිගින් දිගට ම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කොට දැන් ජාතියක් ලෙස අපි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. අපේ රටේ සරසවි අධ්‍යාපනය තුළ සිදුකරන්නේ පවතින සම්ප්‍රදායට අභියෝග කිරීමයි. ඒ අය හිතන්නේ, එය තම විචාර බුද්ධියේ වර්ධනීය අවස්ථාවක් බවයි.

Comments Off on මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි

මේ ජාතිය නැගිටින්නේ ඉතිහාසය මතමයි

October 28th, 2016|Divaina Articles|

යුද්ධය පිළිබද ශිෂ්ට නීති පසෙකලූ ඔවුහු මේ පළාත්වාසීන් කීකරු කිරීමේ අවසාන ප්‍රයත්නය වශයෙන් අටළොස් විය ඉක්ම වූ හැම පිරිමියෙක් ම මරා දැමීය. හැම ගෙයක් ම දවා අළු කරන ලෙස ද හැම ගසක් ම කපා බිම හෙලන ලෙස ද කුඹුරු පාළු කරන ලෙස ද ඉඩකඩම් රාජසන්තක කරන ලෙස ද නියෝග කරන ලදී. මේ නියෝග අකුරට ම ක්‍රියාත්මක කරන ලදී. සේනාපති රොබට් බ්‍රවුන්රිග් පෙරදිග ප්‍රබලතම සටනින් ජයග්‍රහණය කළේ ඔය ආකාරයටය.” මේ අය තමයි අපිට අද මානව හිමිකම් ගැන උගන්වන්න එන්නේ…

Comments Off on මේ ජාතිය නැගිටින්නේ ඉතිහාසය මතමයි

ජාතියේ දියුණුවටත් ඔබේ දියුණුවටත් රුවන්වැලි සෑය බලවේගයක් කරගන්න

October 30th, 2016|Divaina Articles|

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙහෙර විහාර හදමින්, ත්‍රිපිටකය කටපාඩම් කරගනිමින්, දළදා වහන්සේට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ආවතේව කරමින් ආරක්ෂා කර ගත්තේ, මේ ජාතිය යි. ඒ තමයි සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය. අපි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පිදූ ජාතියක්. ඒ තමයි මේ ජාතියේ විශිෂ්ටත්වය. සිංහල ජාතිය වඳ වුණොත් එහි හානිය මානව වර්ගයාට ම යි. මේ නිසා හැම පැත්තෙන් ම මේ ජාතිය රැකගැනීම අපේ වගකීම යි.

Comments Off on ජාතියේ දියුණුවටත් ඔබේ දියුණුවටත් රුවන්වැලි සෑය බලවේගයක් කරගන්න

පෘථිවියේ පූජනීය ම ස්ථානයේ බලයෙන් ඔබේ ජීවිතය ජයගන්න

November 1st, 2016|Divaina Articles|

මුලින්ම අපි හදන්න ඕනේ තිසරණය සරණ ගිය සමාජයක්. පුද්ගලයාගේ දියුණුවට පළමුවෙන් ම තිබිය යුත්තේ තිසරණය සරණ යෑමයි. මාර්ගඵලලාභී දෙවිවරු අද මනුෂ්‍ය සමාජයෙන් ඈත් වෙලා ගිහින්. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න පුළුවන් සමාජයක් අද නැහැ. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න නම්, මාර්ගඵලලාභී මගේ යන, ඒ ගතිගුණ අනුව කටයුතු කරන මනුෂ්‍ය සමාජයක් තිබිය යුතුයි. යම් කෙනෙක් තිසරණය කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්තව පන්සිල් පද පහ නිරන්තරයෙන් ආරක්ෂා කරනවා නම්, ඔහුගේ ක්‍රියාකාරීත්වය මේ ලෝකයට දැනෙනවා.

Comments Off on පෘථිවියේ පූජනීය ම ස්ථානයේ බලයෙන් ඔබේ ජීවිතය ජයගන්න

මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි

November 2nd, 2016|Divaina Articles|

මළුවට ඇතුළු වූ මොහොතේ සිට බුද්ධානුස්සතියේ යෙදෙන්න ඕනේ. දේවාල වැඳලා පුරුදුවෙලා තියෙන නිසා මහා සෑයත් දේවාලයක් කියලා හිතන්න නරකයි. මේ යන්නේ තමන්ගේ ශාස්තෘවරයාණන් හමුවෙන්න කියලා හිතාගෙනයි යන්න ඕනේ. හොඳින් තිසරණය මත පිහිටා, ගාථා කියලා රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමයි මුලින්ම කරන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරය දියුණු වුණහම මහා සංඝයා විෂයෙහි දානයක් පිරිනමලා ඒ පින් දෙවියන්ට අනුමෝදනා කරනවා කියලා ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. එතකොට දාන, ශීල, භාවනා කියන පුණ්‍ය ක්‍රියා තුන ම සිදු වෙනවා.

Comments Off on මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි

දැනගන්න පිහිටන්න මහා බුද්ධ බලය

November 3rd, 2016|Divaina Articles|

එදා බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට “තෝ පියා මරපු කෙනෙක්, දැන් ඒ ගැන කරන්න දෙයක් නැහැ. නිරයට යන්න ලැහැස්ති වෙලා ඉන්න” කියලා, වදාළා නම් මොකද වෙන්නේ. එතැනයි බුද්ධිමත්කම තියෙන්නේ. අද යම් කෙනෙක් ඉන්නවා නම්, පවෙන් තැවී තැවී ඉන්න කෙනෙක්, ඔහුට ඒ පව අමතක කරවලා, ධර්ම මාර්ගයට යොමු කරන එක තමයි භික්ෂූන්ගේ යුතුකම. අකුසලයට පසුතැවීම කියන එක නෙමෙයි ශාසන කාර්යය. ඒ පසුතැවීමෙන් මුදවාගෙන ධර්ම මාර්ගයට යොමු කරවීමයි ධර්මානුකූලව කළ යුතු වන්නේ.

Comments Off on දැනගන්න පිහිටන්න මහා බුද්ධ බලය

බුදු ගුණයේ මහා බලය

November 4th, 2016|Divaina Articles|

බුදු ගුණයේ මහා බලය දැනගැනීම ම ජීවිතයේ එලොව මෙලොව දියුණුව පිණිස පවත්නේය. මේ කාරණය ඔබට අත්දැකීමෙන් සනාථ කරගැනීම සඳහා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පසුගිය සතියේ බුදු බලය පිළිබඳව කරුණු දක්වා සිටියහ. ඔදවත් තෙදවත් මිනිසා විසින් තනන සමාජය දිළිඳු නොවන්නේය. පරිහානිකර නොවන්නේය. සිංහල ජාතිය ඔදවත් තෙදවත් කළ හැක්කේ එහි මූලික තැනුම් ඒකකය වූ සිංහලයා ඔදවත් තෙදවත් බවට පත් කිරීමෙනි. තිසරණ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් එක් එක් පුද්ගලයා පිරුණා වේද, ජාතිය නිදිගැට හරින්නේ එතැන් සිටය.

Comments Off on බුදු ගුණයේ මහා බලය

විභාගයෙන් සමත් වන්නට පමණක් නොව අභාගයෙන් දුරුවෙන්නටත් අපේ දරුවන්ට තිසරණයෙන් මගක්…

November 5th, 2016|Divaina Articles|

සාමාන්‍යයෙන් ලෝකයේ අනිකුත් මිසදිටු ආගම් තමන්ගේ ශාස්තෘන් වහන්සේ සිහිකරන්න සුවිසල් මන්දිර හදනවා. අපේ බෞද්ධයන්, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පන්සලක් හැදුවොත්, ඒකටත් බනිනවා. මෙච්චර විශාල එකක් බුදුන්ට හදන්නේ ඇයි, කියලා බනිනවා. මේ ගැරහීම ඒ අයගේ විපත්තියට හේතු වෙන්න පුළුවන්. රුවන්වැලි මහා සෑයට වඳින්න, පුදන්න කියලා, අපි කියනවා. තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියන එක හඳුනානොගත් අයට, මේකට ගරහන්න පුළුවන්.

Comments Off on විභාගයෙන් සමත් වන්නට පමණක් නොව අභාගයෙන් දුරුවෙන්නටත් අපේ දරුවන්ට තිසරණයෙන් මගක්…

ලේ බොන ප්‍රේතයෙක් වී දුවගේ කුසට වධ දුන් තාත්තා

November 6th, 2016|Divaina Articles|

වැදගත්ම දේ වෙන්නේ කුඩා දරුවන්ගේ සිත නියමාකාරයෙන් සැකසීමයි. වැඩිහිටියන් සීලය ගැන කතා කරනවා තමයි... නමුත් ඔවුන් කිසිවෙක් කතා කරන්නේ නෑ තෙරුවන ගැන.... අප සරණ ගිය බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන් සිහිකළ යුතුයි. ඒ ශ්‍රී සද්ධර්මය නිතර සිහිකළ යුතුයි. ඒ මහ රහතන් වහන්සේලාගෙන් යුතු මාර්ගඵලලාභී සංඝරත්නය අප නිතර සිහි කළ යුතුයි. වැඩිහිටියන් ඉස්සර වෙලාම මේ තැනට එන්නට ඕන. නැතිව කුඩා දරුවන්ව හරිගස්වන්න බැහැ. වැඩිහිටියන් නිවැරදි වුණොත් කුඩා දරුවන් නියම මාර්ගයට ගැනීම ඉතාම ලේසියි.

Comments Off on ලේ බොන ප්‍රේතයෙක් වී දුවගේ කුසට වධ දුන් තාත්තා

දන් දීමෙන් දිව්‍ය සැපත්, මසුරුකමෙන් ප්‍රේත දුකත් උරුම කරගත්තෝ

November 12th, 2016|Divaina Articles|

අප මේ මිනිස්‌ ලොව ගතකරන මේ ස්‌වල්ප කාලය අපේ ජීවිතයේ එක්‌තරා තීරණාත්මක පරිච්ඡේදයක්‌. මේ කාලයේදී තථාගතයන් වහන්සේ වදාළ සත්‍ය නො දැනීම තමයි අපට තිබෙන ලොකුම අලාභය. පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බෝසතාණන් වහන්සේ ගිය ගමන අතිශයින්ම අසාමාන්‍යයි. ඒක සාමාන්‍ය පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක්‌ නොවේ. වරින් වර සතර අපායට වැටෙන ලෝකයක පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්‌. ඒ බුද්ධත්වය මේ ලෝකයේ ඉතාමත් සුළු පිරිසකටයි ලැබෙන්නේ.

Comments Off on දන් දීමෙන් දිව්‍ය සැපත්, මසුරුකමෙන් ප්‍රේත දුකත් උරුම කරගත්තෝ

එක බණ පදයෙන් බුදුන් දැකීම 

November 20th, 2016|Divaina Articles|

බුදු ගුණයේ මහා බලයෙන් සියලු යහපත උදා කරගත හැකි වාසනාවන්ත කාලයක වාසනාවන්ත දේශයක අප ඉපදී සිටියත් ඔහේ උපන් වාරේ සිටින සමහරු ඒ වාසනාව ළඟ ළඟම ගැවසි ගැවසී සිටියත් එය ග්‍රහණය කර ගැනීමට සමත් වී නැහැ. අනන්ත සසර පුරා සැරි සරා තව තවත් ඒ දුකේම ගිලෙනවාද…? තමන් පූරුවෙ වාසනාවකින් බුදු බණ අසන්නට හැකි අවස්‌ථාවක ලැබුණු ජන්මයෙන් ප්‍රයෝජන ගන්නවාද… ? පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ වදාරන ලද මේ දහම් පණිවිඩය ධර්මයෙන් බුදුන් දැකීම උදෙසාය.

තවත් පමා නොවී මේ දැන්ම බුද්ධානුස්සතිය වඩන්න

November 27th, 2016|Divaina Articles|

මිනිස් ජීවිතය කියන්නෙ ගලාගෙන යන දොළපාරක් වගේ. සිඳීගෙන යන දොළ පාරක් වගේ. මේ මිනිස් ජීවිතය අහිමි වෙන්න ඉස්සර වෙලා මිනිසත් බවත් එක්කම ඔබ ලැබූ බුද්ධිමත් භාවය ඔබට දියුණු කරගන්න පුළුවන් දුර්ලභ වාසනාවක් මේ බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබට ඇති කරගන්න පුළුවන්. අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

Comments Off on තවත් පමා නොවී මේ දැන්ම බුද්ධානුස්සතිය වඩන්න

දේව බලය ලංකරගන්න

December 5th, 2016|Divaina Articles|

ජීවිතය පිළිබඳ අනේකවිධ ආකෘතීන් අප විසින් අත්දැක තිබේ. බුදු දහම මිනිසාට මඟ කියා දෙන්නේ සතර අගතියෙන් තොරව සිය ජීවිතය ගෙවන ආකාරයයි. මේ මඟ අනුව සිය ජීවිතය පවත්වාගෙන යැම සඳහා උනන්දුව ඇති කර ගැනීමේ වාසිය එලොව මෙලොව දෙකටමය. එසේ තිබියදී තවමත් අපේ සමාජය විසින් උපතින් ලැබූ මේ දායාදය, සිය දියුණුව පිණිස භාවිතා නොකරන තරමට එහි අගය වටහාගෙන ඇත. මහා දායාදයක් ඔබේ අතට පත්කිරීම සඳහා මේ මාර්ගෝපදේශය ලබාදෙන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේය.

ලෝකය ජයගන්න නිහතමානී වන්න

December 12th, 2016|Divaina Articles|

අසත්පුරුෂයා අවවාදයට කැමැති නෑ. නමුත් සත්පුරුෂයා අවවාදයට කැමැතියි. එහෙම කිව්වා විතරයි මෙයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණා ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට සමාවෙන සේක්වා...! මට ඒ අර්හත් මාර්ගය පෙන්වා දෙන සේක්වා...!’ කියලා කිව්වා. අන්න සත්පුරුෂයා. එහෙම නම් සත්පුරුෂයාගේ එක ලක්ෂණයක් තමයි නිහතමානීකම. සත්පුරුෂයෙක් වෙන්න ගොඩක් උපකාර වෙන්නේ මේ සත්පුරුෂ ධර්ම ඉගෙන ගැනීම. සත්පුරුෂ ධර්ම ඉගෙනගෙන සත්පුරුෂයෙක් බවට පත්වෙන ගතිගුණ පුරුදු පුහුණු කිරීමෙන්.

Comments Off on ලෝකය ජයගන්න නිහතමානී වන්න

ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌

December 18th, 2016|Divaina Articles|

අව්වේ, වැස්‌සේ සිට සියල්ල ප්‍රශ්න කරගත් සමාජයක ජීවත් වන අපේ ජාතියේ සදාතනික උරුමය බවට පත්ව ඇත්තේ නිමක්‌ නොවන ප්‍රශ්නයන්ය. එවන් සමාජයකට ළඟ විසඳුම් මිස දුර දැක්‌මකින් යන ගමනක්‌ නැත. අවසානයේදී එය ජාතියේ ඉරණම"දුර නොබලන, ළඟ බලන සමාජයක්‌ කරා..." තල්ලුකිරීමට සමත් වී තිබේ.

Comments Off on ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌

සළු සොරකමෙන් විඳි අපා දුක තිසරණයේ බලයෙන් දුරු වූ අයුරු

December 27th, 2016|Divaina Articles|

බොරුකීමෙන් මනුෂ්‍යයකුට කිසිම ලාභයක් නැහැ. ඒක ලාභයක් විදිහට පෙනෙන්නේ අධාර්මික පරිසරයක ජීවත්වන උදවියට.

කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න

January 10th, 2017|Divaina Articles|

කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 17 බොහෝ දෙනා තිසරණය පිළිබඳව දන්නේ නැහැ. නිතරම පන්සිල් ගත්තාට එහි වැදගත්කම දන්නේ නැහැ. කාලිංග මාඝගේ සිට ආපු විදේශ ආක්‍රමණ [...]

නින්දෙන් පිබිදුණා සේ මරණින් මතු දෙව් ලොව ඉපදීමට මෙන්න මඟ…

January 14th, 2017|Divaina Articles|

අද අපි ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු දියුණු කළ යුතු තවත් භාවනාවක් වන දේවතානුස්සති භාවනාව යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත්, මිනිසුන්ටත් නිවන් මග පෙන්වා දෙන එක ම ශාස්තෘන් වහන්සේ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්ම මාර්ගය දියුණු කළ මග ඵල ලාභී දෙවිවරු චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය යන කාම දිව්‍ය ලෝක හයේත් සිටිනවා. ඒ වගේ ම බ්‍රහ්මකායික දෙවිවරුන් බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොව පටන් අකනිට්ඨා බඹලොව දක්වා වැඩ සිටිනවා.

ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න

January 16th, 2017|Divaina Articles|

අප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුණත් අපගේ සිත් පිරී ඇත්තේ කොයිතරම් මහන්තත්වයකින්ද...? ඔබගේ චරිතය දෙස දවසක් ඔබම බලා සිටින්න. අප කොයිතරම් උඩඟු පුද්ගලයන්දැයි ඔබට ද සිතා ගත නොහැකි වනු ඇත. අනන්ත සසර පුරා දුක් විඳිමින් අප රැගෙන ආවේ මේ මමත්වය නොවේද...? ඒ ගැන සිතා දැන්වත් අප ධර්ම මාර්ගයේ උතුම් අරමුණු පෙරදැරිව යායුතු නොවේද...? ඒ සඳහා අපට මඟ පෙන්වා දුන්නේ ඒ මහා සම්මා සම්බුද්ධයාණන් වහන්සේය.

Comments Off on ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න

සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණයෙන් ඔබත් රැකෙන්න

January 25th, 2017|Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 20 සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණ යෙන් ඔබත් රැකෙන්න අසත්පුරුෂයා සහ සත්පුරුෂයා වෙන් කරලා හඳුනාගන්න පුළුවන් සත්පුරුෂයාට විතරයි කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අසත්පුරුෂයාට මේ දෙකම හඳුනාගන්න බැහැනේ... [...]

තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද?

February 8th, 2017|Divaina Articles|

  නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 21 තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද? තරුණ ජීවිතය ගසාගෙන යන තත්ත්වයට අද පත්වී තිබේ. යමක් ගසාගෙන යනවා යන්නෙහි අර්ථය එය වෙනත් යමකට අවශ්‍ය ආකාරයට හැසිරෙනවා යන්නය. ජීවිතයේ [...]

Comments Off on තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද?

වත්මන් තාරුණ්‍යයට ඇති අනතුරු

February 10th, 2017|Divaina Articles|

අධික ලෞකිකත්වයට නැඹුරු වීම තුළ ඒ රටවල තරුණ සමාජය දේශපාලනයට යන එක, ආගමික ජාතික වටිනාකම් සඳහා පෙළ ගැසෙන එක නැවතෙයි කියලා ඒ බටහිර ජාතීන් හිතනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය ඒක. අධික කාම සේවනයට, විකෘති කාමයට, විකෘති රාගයට මේ තරුණ පිරිස් පොළඹවනවා.

තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය

February 24th, 2017|Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 23 තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසා දැනගන්නට අප යන විට, එම විහාරස්ථානයේ වැඩ සිටින තරුණ ස්වාමීන් වහන්සේලා මනා ඉන්ද්‍රිය [...]

අවබෝධයේ සහ උගත්කමේ වෙනස

February 28th, 2017|Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 24 අවබෝධයේ සහ උගත්කමේ වෙනස සිහිපත් කළොත් සිහි කළ පමණින් සුගතිය හිමි, මහා සම්බුද්ධ බලය ඔබගේ ජීවිතයට නියත ලෙස සැප උදාකරනු ඇත. ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීම සඳහා පූජ්‍ය [...]

අනේ අපට රජෙක් දෙන්ට – සාදු නද ගිගුම් දෙඤ්ඤං

March 12th, 2017|Divaina Articles|

[Image Credits - Mr. Prasanna Weerakkody & Sri Lankan High Commission in Delhi, India.] නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 25 අනේ අපට රජෙක් දෙන්ට - සාදු නද ගිගුම් දෙඤ්ඤං පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ [...]

නිරවුල් මනසක් සවිමත් ජාතියක්…

March 28th, 2017|Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 26 නිරවුල් මනසක් සවිමත් ජාතියක්... ප්‍රශ්නයක් විග්‍රහ කර ගැනීමට ඇති නොහැකියාව ජාතියේ අලසකම සමඟ බැඳී පවතී. නිරවුල් නොවන මනස් විසින් ගන්නා තීන්දු තීරණ විසින් අවසානයේ අවුල් කරන්නේ සමස්ත [...]

Comments Off on නිරවුල් මනසක් සවිමත් ජාතියක්…

ජයසිරි මහ බෝධිය ආරක්ෂා කරන්නට පිරිස් බලය ඇති කළේ මෙහෙමයි

April 4th, 2017|Divaina Articles|

[Image Credits - Mr. Amila Tennakoon] නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 27 ජයසිරි මහ බෝධිය ආරක්ෂා කරන්නට පිරිස් බලය ඇති කළේ මෙහෙමයි එක් දිනක් ලංකා නමැති විලෙහි ජනයා නමැති කුමුදුමල් වනය විකසිත කරවමින් [...]

Comments Off on ජයසිරි මහ බෝධිය ආරක්ෂා කරන්නට පිරිස් බලය ඇති කළේ මෙහෙමයි

කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි…?

April 16th, 2017|Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 28 කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි..? කොපමණ ධාර්මිකව හිටියත් අපිට ප්‍රශ්න නේ... එහෙම හිතන අය අතර ඔබත් සිටිනවාද...? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙවර දහම් මාර්ගයෙන් [...]

Comments Off on කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි…?

ධජග්ග පිරිතෙන් ඔබේ දරුවාට නොවරදින සෙත් ශාන්තියක්

April 18th, 2017|Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 29 ධජග්ග පිරිතෙන් ඔබේ දරුවාට නොවරදින සෙත් ශාන්තියක් තවමත් අපේ සමාජය තුළ යක්ෂ, ප්‍රේත ආදී අමනුෂ්‍ය බලවේග පිළිබඳව දැනුවත්කමේ අඩුපාඩු තිබෙන බව පෙනේ. මෙම අමනුෂ්‍ය බලවේග සමාජයට හානි [...]

ඔබත් තිසරණයේ මහා බලය අත්හැර අසුර බලය ට අසුවූ කෙනෙක්ද…?

April 24th, 2017|Divaina Articles|

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 30 ඔබත් තිසරණයේ මහා බලය අත්හැර අසුර බලයට අසුවූ කෙනෙක්ද...? ස්වාමීන් වහන්ස, සුර සහ අසුර බලවේග හඳුනා ගැනීමට නොහැකිව අපේ සමාජය අතරමං වී සිටින බව පෙනෙනවා. අසුර වන්දනාවට [...]

ඉවසන්න නිහතමානී වන්න, ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවි…

May 3rd, 2017|Divaina Articles|

පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී දෙවියන් මිනිසුන් සමඟ කිට්ටුවෙන් ඇසුර කළ වග අප අසා තිබෙනවා. සමහර කාලවල මිනිසුන්ට දෙවියන් දර්ශනය වෙලා පවා තිබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අද එවැනි දේවල් දකින්නට, අසන්නට ලැබෙන්නේ නැහැ. තිසරණයේ බලවත් ලෙස පිහිටා සිටින පුද්ගලයෙකුට, දෙවියන්ගේ පිහිට අත්විදින්න පුළුවන්ද...?

Comments Off on ඉවසන්න නිහතමානී වන්න, ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවි…

දේශපාලන සංගායනාවක් ඕනෑ

February 2nd, 2020|Divaina Articles, Special|

සුද්දන්ගෙන් පසු මේ රටෙහි පරිපාලනය භාරගෙන කටයුතු කළ සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් මේ විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතුය. ඡන්ද දායකයින් වන මහජනයා ද දේශපාලන වශයෙන් දෑස් අන්ධ නොකරගෙන අවබෝධයෙන් යුක්තව මේ දෙස බැලිය යුතුය.

Comments Off on දේශපාලන සංගායනාවක් ඕනෑ

දේශපාලනය තුල සත්පුරුෂ වීමට

February 11th, 2020|Dhamma Articles, Divaina Articles, Special|

අපගේ කුමක්දෝ අවාසනාවකට අපට මෙතෙක් කලක් අහිමිව තිබුණේ නුවණැති සත්පුරුෂයන්ගේ දේශපාලනය යි. කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂ බාලයන්ගේ පාලන තන්ත්‍රය නිසා අප සියලු දෙනා ම උසුලාගත නොහැකි ණය බරකින් මිරිකී සිටිමු. එමතු ද නොවේ.....

Go to Top