බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය
සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා ඔබේ ම සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට, පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදාජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත.
සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන
අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2022 පෙබරවාරි 13 වැනි දින පැවැත්විණි.
භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ‘බුද්ධ රත්නය’ වන සේක් ද?
රත්න දෙවර්ගයෙකි. අවිඥානික රත්නය ය, සවිඥානික රත්නය ය වශයෙනි. මෙහිලා නිල්, රතු ආදී අනේක මාණික්‍යයන් ද දියමන්ති, වෛදූර්යාදී මාණික්‍යයන් ද විඥානයෙන් තොර හෙයින් එවන් මාණික්‍යයන් අවිඥානික රත්න නම් වේ. ඇස්, කන් ආදී ඉඳුරන් සහිත, [...]
සිළුමිණ සෑ රජුන් ගෞතම සසුනට පූජා වූ වගයි
අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි මස 09 මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන ලදුව සුවහසක් සැදැහැතියන් හට අපමණ පින් ඵල නෙලාදෙමින් හුනුමුල්ල මහමෙව්නාව මෙත්සිසිල භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවූ මහා සෑ රජානන් වහන්සේ, [...]
අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණයේ දී පැවැත්වූ දානමය පින්කම
මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවෙමින් පවතින කුටි සංකිර්ණයේ, තෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා 50 නමක් විෂයෙහි පවත්වන්නට යෙදුනු දානමය පින්කම
මරණයේ දිනපොත – නවතම සදහම් ග්‍රන්ථය
කොයි කාගෙත් දිවියේ සමීප සෙවනැල්ල බඳු මරණය පිළිබඳ සම්බුදු වදන් ඉස්මතු කරවමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘මරණයේ දිනපොත’ නවතම සදහම් ග්‍රන්ථය
දිව ඔසුවක් බඳු, ප්‍රතිශක්ති වර්ධනය කරවන පෞරාණික ඖෂධ වට්ටෝරුවක්.
පෙර සිංහල රජදවස ප්‍රතිශක්ති වර්ධනය පිණිස භාවිත කළ මේ ඖෂධ වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා අප වෙත එවන ලද පින්වත් වෙදමහතාට පින් දෙමින් මෙසේ එළිදක්වනු ලැබේ.
අපගේ ආදි ගුරු දෙවිඳුන් සාදරයෙන් පිදුවෙමු
අපගේ ආදි ගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ නිමල ශ්‍රී සද්ධර්මය මේ ලක්දිවට දායාද කළ පින්බර පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුළ පින්කම් මාලාවක් පවත්වන්නට යෙදුනි.
කුණ්ඩසාලේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහාසංඝරත්නයේ මූලිකත්වයෙන් කොරෝනා රෝගීන් 1000 කට පමණ ප‍්‍රතිකාර ලැබිය හැකි පරිදි කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදි වෙමින් පැවති සුවිසල් ධර්ම ශාලාව, කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස්කොට ශ‍්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අංශ වෙත නිල වශයෙන් භාරදීම අද (2021.06.12 ) දින සිදුවිය.
බණ්ඩාරවෙල – සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කළ වගයි
පින්බර වෙසක් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්, බණ්ඩාරවෙල සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ පින්බිමේ අභිනවයෙන් ඉදිවූ මනස්කාන්ත බෝධි මණ්ඩපය අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරන්නට යෙදුනි.