මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 අප්‍රේල්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]

April 23rd, 2016|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 අප්‍රේල්

011. ලක්ඛණමිග ජාතකය

අපි මේ යන්නේ හරීම භයානක සසර ගමනක. අප නොදැනීම නොයෙක් විපත්ති, කරදර, ආන්තරා වලට බඳුන් වෙනවා. අනුන්ගේ ගැටවලටත් නොදැනීම හසුවෙනවා. සත්පුරුෂයෝ කියලා හිතාගෙන අසත්පුරුෂයන්ට හසුවෙනවා. තමාත් දන්නෙම නැතුව අනුන් විසින් මෙහෙයවන බළල් අත් බවට පත්වෙනවා. එබඳු දෙයක් වුනොත් සෑහෙන්න පව් රැස්වෙනවා. කරදරේ වැටෙනවා. එබඳු වූ මහා විපතකට ලක්වෙන්න ගිය පිරිසක් බේරාගත් ප්‍රවෘත්තියකුයි මේ කථාවට පසුබිම් වුනේ. ඒ කතාව සිදුවුනේ මෙහෙමයි.

April 12th, 2016|Comments Off on 011. ලක්ඛණමිග ජාතකය

සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍යමහෝත්සවය සහ මහපෙරහැර – වීඩියෝ දර්ශන

විල්ගම්වෙහෙර මහාසෑ වන්දනාව විල්ගම්වෙහෙර මහාසෑ වර්ණනාව ධාතූන් වහන්සේලා වැඩමවීමේ මහ පෙරහැර -2 ධාතූන් වහන්සේලා වැඩමවීමේ මහ පෙරහැර -1

April 5th, 2016|2 Comments

ලේ දන්දීමේ පින්කම _ 2016-04-02

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 20 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2016-04-02 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 200 පමණ [...]

April 2nd, 2016|Comments Off on ලේ දන්දීමේ පින්කම _ 2016-04-02

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 1

එතකොට දරුවනේ, දුටුගැමුණු මහ රජ්ජුරුවෝ රුවන්මැලි මහසෑය දෙස බලාගෙන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සිහිකොට භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ මෙනෙහි කරමින් ඒ හාන්සි වූ ඉරියව්වෙන්ම වන්දනා කරගෙන හිටියා. ටිකෙන් ටික දෑස් පියවුනා. මියගියා. නිදා පිබිදියා වගේ තුසිතභවනයෙන් ආ දිව්‍ය රථයෙහි ඕපපාතිකව උපන්නා. මහා අලංකාර දිව්‍ය රාජයෙක්. ගැල් හැටක් පුරවන්න පුළුවන් තරමේ ආභරණ පැළඳ සිටියා. මහජනයා සාදුකාර දුන්නා. ඒ හැමෝට ම පේනවා. එතකොට ඒ දේවතාවා හැමෝටම පෙනෙන්ට මහාසෑය තුන් විටක් පැදකුණු කළා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කළා. තම මල්ලී වන තිස්ස කුමාරයාත් මහජනයාත් වන්දනා කරගෙන සතුටු කඳුළු වගුරුවමින් බලා සිටිද්දී අපේ දුටුගැමුණු දිව්‍ය පුත්‍රයාව දිව්‍ය සේනාව පිරිවරාගත්තා. එතැන ම නොපෙනී ගියා.

March 29th, 2016|5 Comments

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 මාර්තු

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන [...]

March 25th, 2016|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම – 2016 මාර්තු

ලෝකයෙහි මැනැවින් දෙසූ දහම

ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඩවාසය කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා ආජීවකශ්‍රාවක වූ එක්තරා ගෘහපතියෙක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආජීවශ්‍රාවක වූ ගෘහපතියා ආයුෂ්මත් ආනන්ද [...]

March 23rd, 2016|Comments Off on ලෝකයෙහි මැනැවින් දෙසූ දහම

සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සහ මහ පෙරහැර

වසර 2200කට පෙර සේරුවිල මංගල මහා සෑ රජුන් සමීපයෙහි ඉදි වූ (සේරුවිල මංගල මහා සෑ රජුන් ඉදිවීමට පෙර) රුදුරු ආක්‍රමණයන්ගෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් නටබුන් ව වන ගත වී තිබූ සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑ [...]

March 21st, 2016|Comments Off on සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සහ මහ පෙරහැර

අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ

අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ නමෝ බුද්ධාය! අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දිනකට තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේදී [...]

March 14th, 2016|Comments Off on අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ

5-10. උප්පලවණ්ණා තෙරණියගේ කථා වස්තුව

“කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ” පින්වතුනේ, පින්වත් දරුවනේ, රාගය කියන්නේ හරි භයානක දෙයක්. රාගයෙන් හිත ඇවිස්සුණාම හොඳ නරක මොකුත් තේරෙන්නේ නෑ. වැරැද්ද නිවැරැද්ද තේරෙන්නේ නෑ. යහපත [...]

March 10th, 2016|5 Comments
Go to Top