මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ, සිසු සිසුවියන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

December 2nd, 2019|Comments Off on ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම

හොරණ අසපුවේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් පැවති දහම් වැඩසටහන

2019 නොවැම්බර් 30 දින හොරණ මහමෙව්නාව භාවනා අසපුවේදී ගැබිණි මව්වරුන් 200 ක් උදෙසා විශේෂ සදහම් වැඩසටහනක් පවත්වන ලදී. ඊට සමගාමීව සෙත් පිරිත් සජ්ඣායනා, දරුවන් කුස තුළදී ම තෙරුවන් සරණෙහි පිහිටුවීම, බිළිඳු දරුවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහිත කට්ටලයක් පිරිනැමීම, සදහම් ග‍්‍රන්ථ පිරිනැමීම සහ පිරිත් පැන් ලබාදීම ද සිදුකරන ලදී.

December 1st, 2019|Comments Off on හොරණ අසපුවේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් පැවති දහම් වැඩසටහන

044. මකස ජාතකය

අධික මෝඩකම ජීවිතයකට කොහෙමත්ම තිබිය යුතු නෑ. ඒ බලවත් මෝඩකම නිසා තමාත් නොයෙක් කරදරවලට ලක්වෙනවා. තමන් ඇසුරු කරන අයත් අමරුවේ වැටෙනවා. දැන් කියවෙන්නේ එබඳු කථාවක්.

November 29th, 2019|Comments Off on 044. මකස ජාතකය

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 නොවැම්බර්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-11-12 ඉල් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

November 25th, 2019|Comments Off on සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 නොවැම්බර්

මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.

November 13th, 2019|Comments Off on මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

මහාවංශයේ ප්‍රථම භාගයට අයත් මුල් පරිච්ඡේද 37 ඇතුලත් ග්‍රන්ථය පාළි ගාථා ද සහිතව 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි පාළි ගාථා ඉවත් කොට ව්‍යාකරණානුකූලව සැකසූ දෙවන සංස්කරණය ද මෙසේ ප්‍රකාශයට පත්කරන ලද වගයි.

November 13th, 2019|Comments Off on මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2019-10-27

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි. මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි....

October 28th, 2019|2 Comments

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 ඔක්තෝබර්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-10-13 වප් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 9 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ, ශ්‍රී [...]

October 15th, 2019|1 Comment

අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවය (ඡායාරූප)

මෙම වර්ෂයේ වප් පුරඅටවක යෙදුනු ඔක්තෝබර් මස 05 වන දින අපගේ ලක් දෙරණට ගෞතම සම්බුදු සසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සිහි කොට මහ මිහිඳු කෘතගුණ පූජා නමින් මහා පුණ්‍ය මංගල්‍යයක් මිහින්තලා පුදබිමේදී පැවැත්වුනා.

October 6th, 2019|1 Comment

අනුබුදු මිහිඳු මාහිමි ධාතු වන්දනා 2019-10-02,03

ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරයෙහි වැඩසිටි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සිට නැවත මිහින්තලේ රාජමහා විහාරය දක්වා රිය පෙරහැරින් වඩමවන අතරතුර 2019-10-02 දින රාත්‍රියෙහි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවෙහි වඩාහිඳුවා සියක් නමකට අධික වූ ගෞරවනීය මහසඟරුවනේ සහ පන්දහසකට අධික වූ සැදැහැවත් ජනයාගේ සහභාගීත්වයෙන් දොළොස් පැයක් පුරා .....

October 4th, 2019|1 Comment
Go to Top