News

News2016-11-08T10:09:29+05:30
1311, 2019

මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

By |November 13th, 2019|Categories: News, Special, මහාවංශය, විශේෂ නිව‍ේදන|Comments Off on මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

මහාවංශයේ ප්‍රථම භාගයට අයත් මුල් පරිච්ඡේද 37 ඇතුලත් ග්‍රන්ථය පාළි ගාථා ද සහිතව 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි පාළි ගාථා ඉවත් කොට ව්‍යාකරණානුකූලව සැකසූ දෙවන සංස්කරණය ද මෙසේ ප්‍රකාශයට පත්කරන ලද වගයි.

2810, 2019

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2019-10-27

By |October 28th, 2019|Categories: News, නවතම පුවත්|2 Comments

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි. මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි....

1510, 2019

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 ඔක්තෝබර්

By |October 15th, 2019|Categories: News, සදහම් පරිත්‍යාග|Tags: |1 Comment

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-10-13 වප් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 9 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ, ශ්‍රී [...]

610, 2019

අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවය (ඡායාරූප)

By |October 6th, 2019|Categories: News, නවතම පුවත්|1 Comment

මෙම වර්ෂයේ වප් පුරඅටවක යෙදුනු ඔක්තෝබර් මස 05 වන දින අපගේ ලක් දෙරණට ගෞතම සම්බුදු සසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සිහි කොට මහ මිහිඳු කෘතගුණ පූජා නමින් මහා පුණ්‍ය මංගල්‍යයක් මිහින්තලා පුදබිමේදී පැවැත්වුනා.

410, 2019

අනුබුදු මිහිඳු මාහිමි ධාතු වන්දනා 2019-10-02,03

By |October 4th, 2019|Categories: News, නවතම පුවත්|Tags: , , |1 Comment

ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරයෙහි වැඩසිටි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සිට නැවත මිහින්තලේ රාජමහා විහාරය දක්වා රිය පෙරහැරින් වඩමවන අතරතුර 2019-10-02 දින රාත්‍රියෙහි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවෙහි වඩාහිඳුවා සියක් නමකට අධික වූ ගෞරවනීය මහසඟරුවනේ සහ පන්දහසකට අධික වූ සැදැහැවත් ජනයාගේ සහභාගීත්වයෙන් දොළොස් පැයක් පුරා .....

2409, 2019

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-09-23

By |September 24th, 2019|Categories: News, නවතම පුවත්|Tags: |Comments Off on ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-09-23

ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි ආහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 සැප්තැම්බර් මස 23 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.

Go to Top