2018 වර්ෂයේ මාසික දහම් වැඩසටහන පැවැත්වෙන දිනයන්
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ දී පැවැත්වෙන මෙම මාසික දහම් වැඩසටහන තුළින් මෙතෙක් කල් පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය ආදී ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුද්ධ දේශනා ඇසුරින් උගන්වනු ලැබිණි. ඉදිරියේදී ද ඔබට මෙම දහම් වැඩසටහනට සහභාගී වීමෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහම් කරුණු ඇතුලත් සූත‍්‍ර දේශනා විස්තරාර්ථ සහිතව ඉගෙන ගැනීමේ ඉතා දුර්ලභ භාග්‍යය ළඟා කරගත හැකිය.
සදහම් පොත් පරිත්‍යාග – 2017 දෙසැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. ඒ අනුව මෙම වර්ෂයේ පරිත්‍යාග කරන ලද සියලු පොත් කට්ටල් ගණන 197 කි. සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාට.....
පානීය ජල ව්‍යාපෘතිය – මැදවච්චිය, කටුකැලියාව
පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය, කටුකැලියාව ගම්මානයේ ඉදි කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2017-12-16 වැනි දින සිදු විය.
අජාන් සුමේධෝ මාහිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනයක්
ලෝ ප්‍රකට අජාන් චා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තායිලන්තයේදී උතුම් පැවිදි බිමට පත්ව එංගලන්තයේ අමරාවතී බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවසමින් බටහිර ලෝකය තුළ බෞද්ධ භාවනා ක්‍රම ප්‍රචලිත කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ "The Sound of Silense" ආදී ලෝප්‍රකට භාවනා ග්‍රන්ථ රැසක කතුවරයාණන් වහන්සේ වන අතිපූජනීය අජාන් සුමේධෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පසුගිය දෙසැම්බර් 12 වන දින සවස 6.30 සිට 8.30 දක්වා කඩුවෙල හේවාගම මහමෙව්නාව භාවනා අසපුවේදී ඉංග්‍රීසි බසින් ධර්ම දේශනයක් සහ ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට යෙදුනි.
පිවිතුරු පැන් පූජා – පුල්එළිය, මැදවච්චිය
මාරාන්තික වකුගඩු රෝගය හේතුවෙන් පීඩාවට පත් අප මාතෘ භූමියේ වෙසෙන සුවහසක් ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය, පුල්එළිය ගම්මානයේ ඉදි කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2017-12-09 වැනි දින සිදු විය.
අනුරාධපුර ධම්මචේතිය අසපුවේ විශේෂ පින්කම් මාලාව
රජරටට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය නිමිත්තෙන් 2017 නොවැම්බර් මස 18 වන දින අනුරාධපුර ධම්මචේතිය මහමෙව්නාව භාවනා අසපුවේ විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබුණි. එහිදී දහසකට ආසන්න ගර්භිණී මාතාවන් වෙනුවෙන් විශේෂ දහම් වැඩසටහනක් ද කුටි සේනාසන පූජාවක් ද පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාවක් ද පරිවාර බෝධීන් වහන්සේලා උදෙසා ස්වර්ණ ප්‍රාකාර පූජාවක් ඇතුලව සිරි ගෞතම බෝධි වන්දනාවක් ද සිදුකරන ලදී.