January 2019
ඕවාද ප්‍රාතිමෝක්ෂය
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.
8-16. බොහෝ දරුවන් සිටි භික්ෂුණියගේ කථා වස්තුව
"කොතරම් මහළු වුණත් ඇය හරිම පින්වන්තයි. සිරියාවන්තයි. කවදාවත් කේන්ති ගත්තේ නෑ. නපුරු වචනයක් කිව්වේ නෑ. අනිත් භික්ෂුණීන් මොන වැඩක් කිව්වත් අමාරුවෙන් හරි එය කරදෙනවා. ඈ වත්පිළිවෙත් මග හැරියේ නෑ. මේ පියකරු පෙනුම ඇති ඉතා මහළු භික්ෂුණිය භික්ෂුණී සංඝයා අතර කැපී පෙනුණා."
026. මහිලාමුඛ ජාතකය
ඒ කාලේ බෝධිසත්වයෝ පණ්ඩිත ඇමතියෙක් වෙලා ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කළා. ඔය බරණැස් රජ්ජුරුවන්ට මහිලාමුඛ කියලා ඉතා යහපත් මංගල හස්තියෙක් හිටියා. ඒ ඇතා ඉතා කීකරුයි. ආචාර සම්පන්නයි. කාටවත්ම කරදරයක් කළේ නෑ. දවසක් මහිලාමුඛ ඇත්රජා බැඳ සිටිය ශාලාව අයිනට සොරු රංචුවක් ආවා.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)
බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා නදිය වූ අතර නැගෙනහිරින් චම්පා නදිය ද දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝණ නදිය ද සීමා මායිම් විය.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (7 කොටස)
මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද දකුණින් ගංගා නම් නදිය ද නැගෙනහිරින් ගන්ඩන් හෙවත් නාරායනී නදිය ද උතුරු දෙසින් හිමාල කඳු වැටිය ද පිහිටන සේ සීමා මායිම් සලකුණු වී තිබිණි. ධර්මපට්ඨාන යන අපර නාමයකින් ද හැඳින්වූ සැවැත්නුවර පිහිටියේ කෝසල රාජධානියේ උතුරු පෙදෙසේ ය. සාවත්ථි නම් ඍෂිවරයාගේ වාසස්ථානය වූ හෙයින් ශ්‍රාවස්ථි නම් වී යැයි ද.....
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)
කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි.