කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කම
මහියංගණය, බතලයාය මහමෙව්නාව භාවනා අසපුවෙහි අභිනවයෙන් ඉදිකරන ලද කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කම පසුගිය නොවැම්බර් 5 වෙනි දින සිදුකෙරිනි. මෙම පින්කමට සමගාමීව පෙර දින, එනම් 4 වෙනි දින රාත්‍රියේ පසුදා පහන්වනතුරු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනක් පවත්වන ලද අතර 5 වන දින දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී. සියල්ලෝම මේ උතුම් පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!