මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම
මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම අගෝස්තු මස 25 වන දින ගිලන් භික්ෂු රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම අගෝස්තු මස 25 වන දින ගිලන් භික්ෂු රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙලොවදී කරන ලද පාපකර්මයන්ගේ විපාක විඳවන බියකරු නිරයේ ස්වභාවය විදහා දක්වන, "බියකරුය මේ සසර" ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල මාධ්‍ය 3D සිනමා චිත්‍රපටය දැන් Shraddha TV YouTube නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.
ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ පැවිදි අපේක්ෂක දරුවන් එකතුවී සිදුකළ මෙම ආලෝක පූජාවන් පින් කැමති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම අද (2020-05-07) වෙසක් පුන් පොහෝ දින අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. පින් කැමැත්තෝ මෙම දුර්ලභ මහානීය පින සතුටින් අනුමෝදන් වෙත්වා!
කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ 'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් දිවයිනේ රෝහල් 70ක් සඳහා ආරක්ෂිත ඇඳුම්, සන්නිවේදන කට්ටල සහ අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම 2020-04-21 දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී සිදුවිය.
සිව්වන අදියර ලෙස අතුරුගිරිය, ග්‍රාමෝදයගම හා නව නිවාස සංකීර්ණය අසල අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට ද, ජා-ඇල ගල්ලවත්ත ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාව වෙත ද, රටේ පවතින තත්ත්වය හමුවේ ඉතා අසරණ වී ඇති බව දන්වන ලද විවිධ ප්‍රදේශවල නිවෙස් වෙත ද ගොස් එළවළු පාර්සලයක් ලබාදීම 2020-04-20 වන දින සිදු කරනු ලැබීය.
ශ්‍රද්ධා රූපවාහිනිය මගින් දියත් කළ 'ජාතියේ ගොවි විරුවන් රැකගනිමු' පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි තෙවන අදියර ලෙස ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයේ මුහුදුබඩ ආසන්නයේ වෙසෙන ආදිවාසී ජනතාව වෙත , 2020-04-18 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය.
තලාහේන ධම්මජිනා ශීල මාතා ආරාමයට ද, දිව්ලපිටිය, උල්ලලපොල ශ්‍රී සුගතවනාරාම පුරාණ විහාරය (බප/මිනු/ සිරි සුබෝධානන්ද මූලික පිරිවෙන), හලාවත ප්‍රදේශයේ කවටියාවත්ත හා සේදවත්ත යන ග්‍රාමනිළධාරී වසම්වල වෙසෙන ජනතාව වෙත ද, IDH රෝහලේ 600ක් පමණ කාර්ය මණ්ඩලයට ද, මුල්ලේරියාව මූලික....
ජාතියේ ගොවි විරුවන් රැකගනිමු පුණ්‍ය ක‍්‍රියාන්විතයෙහි දෙවන අදියර ලෙස මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ජනතාව වෙත 2020-04-14 වන දින දී එලවළු බෙදා දෙනු ලැබීය. එළවළු ලබා ගැනීමට දායකත්වය දැක් වූ සෑම සියලු දෙනාටම රැස් වූ සියලු පින් එකසේ අනුමෝදන් කරමු.