Subscribe US

නවතම ධර්ම දේශනා පිළිබඳ දැනුවත් වීමට අපගේ Youtube චැනලය subscribe කරන්න

2021 පෙබරවාරි 14 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පවත්වන්නට යෙදුනු යොවුන් දහම් සක්මන වැඩසටහනේදී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු සුමධුර ධර්මානුශාසනාව

පෙරදිග සංස්කෘතියේ සහ බටහිර සංස්කෘතියේ විශාල වෙනසක් දකින්ට තියෙනවා. බටහිර සංස්කෘතියේ චින්තන ධාරාව ඒ කියන්නේ මිනිස්සු කල්පනා කරීමට හැඩගැහිලා තියෙන රටාව නිර්මාණ වාදය එහෙමත් නැත්තම් දේව මැවිල්ල මුල්කරගත් එකක්.
ඒ මිනිස්සු තමයි නියම කළේ ‘වැඩිහිටියාට වයස 55 වෙද්දී ඔහු විශ්‍රාම ගත යුතුයි. කෙමෙන් කෙමෙන් ඔහු වැඩ කටයුතු අත්හල යුතුයි. තරුණයාට ඉඩදිය යුතුයි’ කියලා. ඒ විදිහට තරුණ ජීවිතවල අමුතු ආකර්ෂණයක් අමුතු ජවයක් පෙන්නුවේ යුරෝපීය සමාජය යි.

පෙරදිග සමාජය තුළ වැඩිහිටියා ගෞරව ලැබුවා. වැඩිහිටියා සැලකිලි ලැබුවා. පැවිද්දන් අතර ඒක තවම තියෙනවා. පැවිදිවෙච්ච කෙනා පැවිද්ද තුළ කෙමෙන් කෙමෙන් පැවිදි මහළු බවට පත්වෙනවා. පැවිද්ද තුළ වැඩිහිටි වෙද්දී වෙද්දි ඒ පැවිද්දා කොන් වෙන්නේ නැ. ඒ පැවිද්දා ගෞරවණීය වෙනවා. එතකොට ඒ වයෝවෘද්ධ පැවිද්දාගේ වචනය මධ්‍යම පැවිදිකෙනා ගරු සත්කාර කොට පිළිගන්නවා. මේක තමයි පෙරදිග සංස්කෘතිය. පෙරදිග සංස්කෘතිය තුළ වයසට යන උදවිය කොන් කිරීමක් නෑ. වයෝවෘද්ධ කෙනාගෙන් උපදෙස් ගන්නවා, ගරු සත්කාර කරනවා, රැකගන්නවා.

බටහිර සමාජයෙන් තමයි අලුත් තාක්ෂණය ආවේ. දැන් පෙරදිග බටහිර වෙනසක් නැතිව මේ තාක්ෂණික රටාවට සියල්ලෝම ගොදුරුවී හමාරයි. ඊළගට මේ කොවිඩ් වසංගතය නිසා තවත් මේ තාක්ෂණයට ගොදුරු වුණා. අවසානයේ පුංච් දරුවන්ටත් නැතිවම බැරි දෙයක් බවට smart phone එක පත්වෙනවා. ඊට පස්සේ ඒ දරුවන්ව හසුරුවන්නේ ඒ phone එක විසින්. එතකොට ඒ phone එකේ යමක් ඇද්ද ඒ තමයි දරුවාගේ මෙහෙවුම් කරුවා. තරුණයා හෝ තරුණිය හසුරුවන්නා. ඒ නිසා අනාගතේ යොවුන් සමාජයට තියෙන්නේ ඛේදවාචකයක්.

ඉතින් නවීන තාක්ෂණයේ ගොදුරු බවට පත්වූ මෙකල තරුණයත් හදිසි තීරණ ගන්නවා, ඉවසීමෙන් තොරයි, ආවේග දරන්ට බෑ, මානසික ආතතියකින් stress පෙළෙනවා.  ඒ යෞවනයා තුළ මහත් අසරණකමක් මේ තුළින් පැහැදිළි වෙනවා. ඉතින් මේ අසරණකම නැතිව යහපත්ව ජීවත් වෙන්න පුළුවන් මාර්ගය පෙන්වපු උතුම් ශාස්තෘන් වහන්සේ නමක් අපට මුණගැහිලා තියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අතිශයින්ම දුර්ලභ අවවාද කීපයක් තමයි ඔබ ශ්‍රවණය කරන්නේ.

කියවන්න—–

මංගල සූත්‍රය – (https://mahamevnawa.lk/sutta/kn2_2-4/)
පුඤ්ඤාභිසන්ද සූත්‍රය – (https://mahamevnawa.lk/sutta/an5_8-1-4-9/)
අසංඛ්‍යෙය සුත්‍රය – (https://mahamevnawa.lk/sutta/sn5_11-5-1/)