June 2019
මහාවංශය – විසිදෙවෙනි පරිච්ඡේදය
ගැමුණු කුමාරයා ක්‍රමයෙන් වැඩෙද්දී වයස අවුරුදු දහසයක් වුනා. පිනෙන්, යසපිරිවරින්, ධෛර්ය සම්පන්න බවින්, තේජෝබල පරාක්‍රමයෙන් යුක්ත වුනා. සත්වයෝ නොයෙක් අයුරින් සැලෙන ඉතා ඉතා සැලෙන උත්පත්තිගති ස්වභාවයෙන් යුක්තයි. තමන් තමන් රැස්කරන්නා වූ පුණ්‍ය බලයෙන් සාමණේරයන් වහන්සේ මැනවින් සිත පිහිටුවා ගෙන යළි මිනිස් ලොව මනා ස්වභාවයෙන් උපන් අයුරින් කැමැති පරිදි උතුම් උපතකට යන්ට පුළුවනි. ඔය විදිහට නුවණින් කල්පනා කරන බුද්ධිමත් කෙනා මහත් ආදරයෙන් යුක්තව පින් රැස් කරගන්ට ඕනෑ.
12-5. මහාකාල උපාසකතුමාගේ කථා වස්තුව
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සති ගණන් නැවතිලා සිල් රැකපු හරිම හොඳ උපාසක කෙනෙක් තමයි ඔය මහාකාල කියන්නේ. කවුරුවත් කරපු වැරැද්දකට දඬුවම් වින්දා නෙව. මෙයින් උපාසක උන්නැහේට අසාධාරණයක් වුණේ.”
මහාවංශය – විසිඑක්වෙනි පරිච්ඡේදය
සොළී රටේ ඉඳන් රාජ්‍යය අල්ලාගන්ට මේ ලංකාවට ආපු ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළෙක් අසේල රජ්ජුරුවන්ව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා. ඔහු හතළිස් හතර අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා. එළාර රජ්ජුරුවෝ නඩු විසඳන අවස්ථාවේදී සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථව තීන්දු දුන්නා. රජ්ජුරුවෝ තමන් සැතපෙන ඇඳට ඉහළින් ඉතා දිග ලණුවක් ඇතිව ඝණ්ඨාරයක් එල්ලා තිබුණා. ඒ සාධාරණ විනිශ්චය කැමති අයට නාද කරනු පිණිසයි.
මහාවංශය – විසිවෙනි පරිච්ඡේදය
උත්තිය රජ්ජුරුවෝ රාජ්‍යාභිෂේක කරලා ජයග්‍රාහී අටවෙනි වර්ෂයේ උපසම්පදාවෙන් සැට වසරක් ගත වුන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩ වාසය කළා. වප් මාසයේ පුර පක්ෂයේ අටවෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළා. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස උන්වහන්සේගේ නමින් හැඳින්වුනා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අටවක දා පිරිනිවන් පෑ සේක. එනිසා ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.
මහාවංශය – දහනවවෙනි පරිච්ඡේදය
අපගේ ජය ශ්‍රී මහා බෝධිද්‍රමරාජයාණන් වහන්සේ නොයෙක් ආශ්චර්යයන්ගෙන් යුක්තව ලංකාවාසීන්ගේ හිතසුව පිණිස, බුද්ධ ශාසනයේ දියුණුව පිණිස ලංකාදීපයේ රම්‍ය වූ මහමෙව්නා උයනේ බොහෝ කල් සුවසේ වැඩ වසන සේක. මේ ලංකාද්වීපයෙහි රජදරුවෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නිතර ම පූජා සත්කාර පවත්වනවා නම් සතුරන්ට ඔවුන්ව පෙළන්ට ලැබෙන්නේ නෑ. ඒක අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මහිමය යි!
මහාවංශය – දහඅටවෙනි පරිච්ඡේදය
ධර්මාශෝක රජ්ජුරුවෝ නැමැති සූර්යයා තමන්ගේ රශ්මිය නැමැති සම්පත්වලින් බොහෝ සිත්කලු ධජ පතාකයන්ගෙන් මුළු නුවර ම ලස්සනට සරසවලා, ඉතා අලංකාර අයුරින් උතුම් මහා බෝධි පූජාවක් පවත්වලා කුසුමපුරය හෙවත් පාටලීපුත්‍ර නගරය නමැති විලෙහි දෙවියන්ගේත් මිනිසුන්ගේත් සිත් නැමැති පියුම් විකසිත කෙරෙව්වා.






