වැලිගම නගර ශාලාවේදී ගර්භණී මාතාවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දහම් වැඩසටහන
මාතර දිස්ත්‍රික්කය පුරාවට වසරකට ගැබිණි මව්වරුන් 12000කට අධික ප්‍රමාණයක් පින්වන්ත දරුවන් දැයට දායාද කරන අතර මේ පින්වන්ත දරුවන් හට මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආරක්ෂාවත් තුනුරුවනේ අනන්ත ආශීර්වාදයත් ලබාදීම පිණිස මාතර උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සහ යොවුන් සභාවේ දරුවන්ගේ සංවිධානයෙන් සැදැහැතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගැබිණි මව්වරුන් උදෙසා සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වේ. දකුණු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ සහයෝගයෙන් මාතර, වැලිගම, දික්වැල්ල, අකුරැස්ස, හක්මණ, දෙණියාය, කඹුරුපිටිය ආදී ප්‍රදේශ වල සීල භාවනා වැඩසටහන් සංවිධානය කිරීමට අපේක්ෂිත අතර ඉන් පළමු වැඩසටහන පසුගිය ජනවාරි මස 20 වන දින වැලිගම නගර ශාලාවේදී පැවැත්වීමට හැකි විය.