ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සන්දේශය අද්‍යතන තාරුණ්‍යය වෙත දායාද කරනු පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් 2018 පෙබරවාරි 13 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද “යොවුන් දහම් සක්මන” සදහම් වැඩසටහනේ දී සිදුකරන්නට යෙදුනු සුමධුර දම්දෙසුම සහ දහම් සාකච්ඡාව

යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත හඳුනාගනිමින් ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් වෙමින් තම ජීවිතයට මිහිරි අරුතක් එක්කරගන්නා අයුරු විස්තර කරදෙන සොඳුරු ධර්ම දේශනාවක් පළමුවෙනි හඬපටයෙන් ද එම සදහම් වැඩසටහනට සහභාගී වී සිටි යොවුන් දූපුතුන් විසින් අසන ලද පැනයන්ට ලබාදුන් ධර්මානුකූල පිළිතුරු දෙවෙනි හඬපටයෙන් ද ඔබට ශ්‍රවණය කළ හැකිය.

● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »