July 2019
මහාවංශය – තිස්දෙවෙනි පරිච්ඡේදය
අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ යම් කෙනෙක් කුසල් ම යි උතුම් කියලා පින් කරනවා නම්, පංච ආනන්තරීය පාපකර්මත්, නියත මිථ්‍යා දෘෂ්ටියත් යන නියත වශයෙන්ම ඊළඟ උපතේදී විපාක දෙන කර්ම හැර, අනෙත් නියත නොවන බොහෝ පව් විපාක වසාලමින් තමන්ගේ නිවස බලා යන නිවාස හිමිකාරයෙක් වගේ දෙව්ලොව උපදිනවා. එනිසා නුවණින් යුක්ත තැනැත්තා නිරන්තරයෙන් පින් ම යි කරන්ට ඕනෑ.
096. තේලපත්ත ජාතක කතාව -Thelapattha Jathakaya
ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා. එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි....
12-10. අප්‍රමාදී වූ භික්ෂුවගේ කථාව(අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව)
සමහර අයට කරදරයක් වුණොත් තමන්ගේ වැඩකටයුතු අත්හරිනවා. සංවිධානය කරපු දේවල් අත්හරිනවා. අර කරදරයේ කොටස්කාරයෝ වෙලා කතාබස් කරමින් කල් ගෙවනවා. මරණයක් වුණොත් රැකීරක්ෂාවල් අත්හැරලා....
මහාවංශය – තිස්එක්වෙනි පරිච්ඡේදය
දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ ඉතා පැහැදිලි ශ්‍රද්ධාවකින්, නොකිළිටි සිතින්, තමන්ගේ උත්සාහයෙන් පින් රැස්කරගෙන සියලු සැපයන්ට වඩා අග්‍ර නිවනම පතාගෙන පින් කරන්ට ඕනෑ. නොයෙක් ආකාරයෙන් පිරිවර ජනයා ලැබීමට හේතු වන අනුන් ලවාත් පිරිසිදු සිතින් පින් කරවන්ට ඕනෑ.
12-9. චූල කාල උපාසකතුමාගේ කථා වස්තුව
“මහණෙනි, චූල කාල උපාසකතුමා බේරුණේ වතුර ගෙනියන දාසියන් නිසාත්, තමනුත් පවක් නොකළ නිසාත් තමයි. මේ වගේ තමයි තමන් කරන පව්වලින්ම සත්වයන් නිරයේ යනවා, කිලුටු වෙලා යනවා. තමන් කරන කුසල්වලින්ම.....
මහාවංශය – තිස්වෙනි පරිච්ඡේදය
අවිද්‍යා අන්ධකාරය නසා ප්‍රඥාවෙන් යුක්ත වූ, ලෝකයෙහි උත්තම වූ, දෙව්මිනිසුන් අතර අතිශයින්ම පිදීමට යෝග්‍ය වූ අපගේ සුගත වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී උන්වහන්සේට වන්දනා කිරීමෙන් රැස්වෙන යම් පිනක් ඇද්ද, ජනතාවගේ හිතසුව පිණිස උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කුඩා කැබලි වලට කැඩී ගිය ධාතූන් වහන්සේලාත්, ඒ සර්වඥ ධාතු පිහිටි රුවන්වැලි මහා සෑය වැනි ස්ථූප පිදීමෙන් රැස් කරන්නා වූ යම් පිනක් ඇද්ද, ඒ පිනත් පුණ්‍යානුභාවයෙන් එක සමාන ය.