January 2019
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)
කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි.
December 2018
8-15. කිසා ගෝතමියගේ කථා වස්තුව
“අනේ ස්වාමීනී, මට තේරුම් ගන්න බැරිව සිටිය දෙයක් අද වැටහුණා. දරුවාට තිබුණු අධික ආදරය නිසාමයි මේ හිත අවුල් වුණේ. සත්‍යය පිළිගන්න මේ සිතේ ඉඩක් තිබුණේ නෑ. මට පෙණුනේම දරුවාට පණ තියෙනවා කියලයි. භාග්‍යවතුන් වහන්සේ මට එය මා තුළින්ම තේරුම් ගන්න සැළැස්සුවා. අනේ ස්වාමීනී, මේ ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වෙන්නයි මට දැන් ඕන.”
025. තිත්ථ ජාතකය
එක් එක් ජීවිත වල අප පුරුදු කරන දේවල් අපගේ සසර පුරුදු හැටියට බොහෝ කල් දිගින් දිගට පවතින්ට පුළුවනි. ධර්මය අවබෝධ කරගැනීමේදී පවා කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙනස් වෙන්නේ ඒ සසර පුරුද්ද අනුව විය හැකියි. මේ කථාවෙන් කියවෙන්නේත් සසර පුරුද්දක් ධර්මාවබෝධයට බලපෑ ආකාරයයි.
8-14. පටාචාරා තෙරණියගේ කථා වස්තුව
”පටාචාරා... ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමනේදී දූ පුතුන් නිසා, මව්පියන් නිසා, ස්වාමියා නිසා හැලූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි. මේ ඉමක් කොණක් නොපෙනෙන අතීතයක් උරුම කරගත් ගමනේදී සෑම සත්වයෙකුම ඔය ඉරණමට මුහුණ දිය යුතුයි. චතුරාර්ය සත්‍යාවබෝධ කරන තුරු මේ ගමනේ අවසානයක් නෑ.”
8-13. සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව
ඒ නිසා තමන්ට බැරි යහපත් දෙයක් තව කෙනෙක් කරනවා නම් හොඳම දෙය එය අගය කිරීමයි. එය අගය කරන්නටවත් සිත නැමෙන්නේ නැත්නම් හොඳම දෙය නිශ්ශබ්දව සිටීමයි. එසේ නැති වුණොත් එවැනි දේකට කට දමා අනවශ්‍ය පව් රැස් කරගෙන යන්නට සිදුවුණෝතින් දුක් විඳින්නට සිදුවන්නෙත් තමාටමයි.
8-12. ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ කථා වස්තුව
“නැණවත්ව දැහැන් වඩන එක දවසත් උතුම්” පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිවන් මග පෙන්වා දුන් ආකාරය හරි පුදුමයි. ඒ ශ්‍රාවකයනුත් පෙර සසරේ කරන ලද පින් බලය නිසාම හරි පුදුම විදිහට නිවන් මග දියුණු [...]






