February 2016
009. මඛාදේව ජාතකය
පින්වතුනේ, පින්වත් දරුවනේ, සංසාරය ගැන නොදත් බොහෝ දෙනෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරදා ගිය ආකාරය ගැන නොසතුටු වෙනවා. රාහුල කුමාරයා තනි වුනාලු. අප්පච්චියෙක් නැති වුනාලු. රාහුලමාතාවටත් මහා අසාධාරණයක් වුනාලු. කාම මඩ ගොහොරුවේ නාසයටත් ඉහළින් ගිලී සිටින සාමාන්‍ය ලෝකයාට මේ වගේ දෙයක් ගැන සිහිනෙකින්වත් සිතාගන්නට බැහැ.
මේ උතුම් ම මොහොත යි
සක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? ඒ සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලක්‍ෂණ කිසිවක් දැන් [...]
January 2016
5-9. සුමන මල් වෙළෙන්දාගේ කථා වස්තුව
නෑ... නෑ... මට ඒ එකක් වත් වැඩක් නෑ. රජ්ජුරුවෝ මාව හිරේ දානවා නම් දමාපුවාවේ. රටින් නෙරපනවා නම් නෙරපුවාවෙ. හිස ගසා දමනවා නම් දමාපුවාවෙ. මට ඒ එකක් වත් වැඩක් නෑ. මං මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කරනවාමයි. ඒ විතරක් නෙවෙයි මං මගේ ජීවිතයත් පූජා කරනවා.”
අනුහස් පිරුණු සත්‍යක්‍රියාව
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! 1. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! [...]
5-8. එක්තරා ගොවියෙකුගේ කථා වස්තුව
රාජපුරුෂයන් අර ගොවියාගේ දෑත් පිටුපසට කොට බැන්දා. කසෙන් තල තලා ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට අර ගොවියාව පෙන්නුවා. රාජ පුරුෂයෝ දැනුම් දුන්නේ හොරාව අල්ලගත්තා කියලයි. හොරාට දඬුවම් නියම වුණා. කසයෙන් තල තල හිස ගසන තැනට අරගෙන ගියා. පාර දෙපැත්තේ සෙනඟ හොරා බලන්න රැස්වුණා. එතකොට මේ අහිංසක ගොවියාට කරකියාගන්න දෙයක් නෑ.