සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2018 දෙසැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම […]
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම […]
ඉතා දුර්ලභව ලබන මිනිසත් බව රැකදෙනු පිණිස අහිංසක දරු සිඟිත්තන් දහස් ගණනකට අභයදානය පුද කරමින් කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකයට අත්‍යවශ්‍යව තිබූ අධික මූල්‍යමය වටිනාකමකින් යුතු ළදරු සුරැකුම් කුටීර (Infant Incubator) 4ක් සහ විශේෂ ශ්වසන ආධාරක උපකරණ (ventilator) 4ක් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයක් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් 2018-12-18 දින සිදුකෙරිනි. මේ සඳහා මෙත් සිතින් යුතුව දායකත්වය දැක්වූයේ විශ්ව පාරමී පදනමයි.
බෝධීන් වහන්සේලා දහස් නමක් රෝපණය කිරීමේ මහා පින්කමක් පසුගිය නොවැම්බර් 27 දින බණ්ඩාරවෙල, කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුකෙරුනා.
සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ධාතු නිධානෝත්සවය පසුගිය නොවැම්බර් 18 දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවූ වගයි……
පොල්ගහවෙල ප්‍රාදේශීය රෝහලට අඩුවක්ව පැවති ECG යන්ත්‍රයක් සහ රුධිර පීඩන මාන 5 ක් ඇතුලුව තවත් වෛද්‍ය උපකරණ කට්ටල් කිහිපයකුත් අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යයනුත් පරිතග්‍යාග කිරීම පසුගිය නොවැම්බර් මස 08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන්නට යෙදුනා.
දඹදිව බුද්ධගයාවේ නේරංජනා නදීතෙර සුපිහිටි මහමෙව්නාව බුදුනුවණ මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික කඨින චීවර පූජා පූණ්‍යෝත්සවය සහ මහත් ශ‍්‍රද්ධාවෙන් යුතුව ඉදිකළ බුද්ධගයා බුදුනුවණ සෑ රජුන් ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 28, 15 යන දෙදින තුළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය, ශ‍්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්දර පරම පූජනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් 500 නමකට අධික වූ මහ සඟරුවනේ ආශිර්වාද මධ්‍යයේ පසුගිය ඔක්තෝබර් මස 28 වන දින මහත් හරසරින් පැවැත්වුණි.
කප් සුවහස් ගණනින් දුර්ලභ ඒ අසිරිමත් ශී‍්‍ර සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරමින් අනූ එක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ අසමසම සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණස්කන්ධයට උපහාර පිණිස සැදැහැතියන් වෙත කරුණාවෙන් සෙත සලසන ආර්ය ශ‍්‍රාවක සුමන සමන් දෙව්රජාණන්ගේත්, ඉන්දක දෙව්රජාණන්ගේත්, ශී‍්‍ර නාමෝපලක්‍ෂිතව සොදුරු නමුණුකුල නිල්වන් කඳු යාය පෙනෙන මානයේ සුපිහිටි සිනිඳු මිහිදුම් වැටියෙන් නිරන්තරයෙන් සෞම්‍යවත් වූ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් යුතුව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් යුතුව ඉදිකළ සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ධාතු නිධානෝත්සවය මෙම නොවැම්බර් මස 18 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවන වගයි......
අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන, ලක්දිවට ගෞතම බුදු සසුන දායාද කළ, ලක්දිවට ශාස්තෘන් වහන්සේ වැනි වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය නමින් මනරම් විහාරයක් ඉදිකෙරුණා. එම විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන උදෙසා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 13 වනදා සිට ඔක්තෝබර් 16 වන දිනට යෙදුනු ශ්‍රී මිහිඳු පුර අටවක පොහොය දින දක්වා ගෞරවනීය මහා සංඝ රත්නයේ ද දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ද සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනා.
අපගේ පරම පූජනීය කල්‍යාණමිත්‍රයන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන සඳහා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (2018-10-13) දිනයේදී පැවැත්වුනා.
පින්වත් සාමණේර ස්වාමීන් වහන්සේලා පන්සිය නමක් උදෙසා පැවැත්වුනු සුවිශේෂී සදහම් වැඩමුළුව සහ දහවල දානමය පින්කම ඔක්තෝබර් මස 1 වැනි දිනට යෙදුන ලෝක ළමා දිනයේ දී අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපු පින්බිමේ දී පැවැත්විණි.