අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය
අලුතින් පළ වූ ලිපි
6-2. අස්සජි – පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව
යහපත පිණිස අවවාද කරන අයට කැමති වෙන්න. එම අවවාදවලටත් කැමති වෙන්න. නිදහස කියන නාමයෙන් හිතුවක්කාර වෙච්ච සත්තු වගේ හැදෙන්න හොඳ නෑ. සතෙක් වුණත් වටින්නේ හික්මුණු තරමටයි. එහෙම නැත්නම් ඒ සතාගෙවත් වටිනාකමක් නෑ. ඒ නිසා අවවාදයට හික්මෙන කෙනෙක් වෙන්න.
6-1. රාධ තෙරුන්ගේ කථා වස්තුව
ගුරුවරුන් අවවාද කරන්නෙත් යහපතටමයි. ගුරුවරු නොදන්නා දේ කියලා දෙනවා. නොදන්නා උදවිය හඳුන්වා දෙනවා. සමාජයේ ඉහළට යන්න අත දෙනවා. ඒ ගුරුවරු ශිෂ්‍යයන් හට තරවටු කළොත්, අවවාද කළොත්, සත්පුරුෂ ශිෂ්‍යයන් ඒකාන්තයෙන් ඒ අවවාදයට අනුව හික්මෙනවා. ඒ තුළින් ඒ ශිෂ්‍යයන් හට යහපතක් මිස අයහපතක් නම් වෙන්නෙ නෑ.
5-16. වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව
නෑදෑයන්ගෙන් වෙන් වෙලා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් වෙන් වෙලා, ක්‍රම ක්‍රමයෙන් ඈතටම ගියා. අන්තිමේදී පොඩි නම සැවැත් නුවර සිට යොදුන් දෙසීයක් දුර වනාන්තරයකයි නැවතුණේ. එතකොට පොඩිනමට තවත් නමක් පට බැඳුණා. ඒ තමයි ‘වනවාසික තිස්ස’ යන නම. දායක පිරිස් පොඩිනමට හරි ආදරෙයි. හැබැයි කවුරු වැන්දත්, කවුරු උපස්ථාන කළත්, පොඩිනම සෙත් පතන්නේ වචන දෙකකින්. ‘සුවපත් වේවා! දුකින් මිදේවා!’ කියල විතරයි.
5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව
ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉන්නවා තමන් ගැන පහදිනවාට විතරයි කැමති. තමන්ගේ දායකයින් තමන්ට සළකනවාට විතරයි කැමැති. වෙනත් භික්ෂූන් වහන්සේලාට සළකනවාට කැමැති නෑ. ඊර්ෂ්‍යයයි. එතකොට දායකයින්ට බනිනවා. බුද්ධ කාලයේත් එවැනි පිරිහුණු භික්ෂූන් හිටියා. එබඳු භික්ෂුවක් ගැනයි මේ කථාවෙන් සඳහන් වෙන්නේ.