අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය
අලුතින් පළ වූ ලිපි
4-1,2. පන්සියයක් තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව
අරහත් ඵලයට පත්වීමත් සමඟ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණයි. හික්මිලා ඉවරයි. එතකොට කියන්නේ ‘අසේඛ’ කියලයි. එ් කියන්නේ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණ කරගත් කෙනා කියලයි. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැති කෙනා කියලයි.
3-11. සෝරෙය්‍ය සිටුවරයාගේ කථා වස්තුව
මේ සෝරෙය්‍ය සිටුවරයා මහා කච්චායන මහරහතන් වහන්සේ දෙස එක හුස්මට බලාගෙන හිටියා. ලාමක පවිටු සිතුවිලි වේගයෙන් ඇතිවුණා. මහා කච්චායන මහරහතන් වහන්සේ බිමට නැඹුරු වූ නෙතින් යුතුව ශාන්ත ගමනින් වැඩම කළා. සෝරෙය්‍ය සිටුවරයාගේ සිත කැළඹිලා ගියා. ඔහු කැළඹුණු සිතින් යුතුව එ් ගැනම සිතන්නට පටන් ගත්තා. එයම සිතින් සිත සිතා සිටිද්දී තමාගේ සිරුරට කුමක්දෝ මහා අමුත්තක් සිදුවෙනවා තේරුණා. මහා වෙනසක් සිදුවෙනවා තේරුණා.
3-10. නන්ද ගොපල්ලාගේ කථා වස්තුව
සමහර කෙනෙක් තමන්ගේ සිත ගැන කිසිම සැලකිල්ලක් නැහැ. සිත කිලුටු වෙනවා. ගණන් ගන්නෙ නැහැ. සිත කිලුටු වීමේ අනතුර ගැන නුවණින් කල්පනා කරන්නෙ නැහැ. එ් කිලුටු සිත නිසා තමන්ගේ කය, වචනය තුළිනුත් අකුසල් රැස්වෙන බවත් කල්පනා කරන්නෙ නැහැ. මෙනිසාම සිත කිලුටු වෙද්දි කිලුටු වෙද්දි තවදුරටත් එ් කිලුට වැඩිවෙන විදිහටම හිතනවා.
3-9. පූතිගත්තතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
ටික කලක් යද්දී උන්වහන්සේ අසනීප වුණා. ශරීරය පුරා ගෙඩි හටගත්තා. ඒ ගෙඩි ලොකු වුණා. වණ වුණා. පුපුරලා සැරව ගැලුවා. පොරවාගෙන සිටි සිවුර එ් සැරව නිසා ඇඟට ඇලුණා. උන්වහන්සේ මහා වේදනාවෙන් යුතුව කෙඳිරි ගගා ඇඳේ වැතිර සිටියා. දිනක් කුටි චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කුටිය ළඟට වැඩියා. නැවතුණා. කෙඳිරිලි හඬ අසාගෙන හිටියා.