අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය
අලුතින් පළ වූ ලිපි
3-3. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව
අනේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලා අමනාප වී සිටිනා හැඩයි. අහෝ....! මෙවන් උදාර වූ බුදු සසුනක පැවිදි වූ ඔබවහන්සේලා සිත විතරක් කිලුටු කරගන්න එපා! අමනාපය ඇතිකරගන්නට එපා! තරහ සිත් ඇතිකරගන්ට එපා! ක්‍රෝධය ඇති කරගන්නට එපා! ඔබවහන්සේලාගේ නිවන් මග එ් තුළින්ම වැනසිලා යාවි.
3-1,2. මේඝිය තෙරුන්ගේ කථා වස්තුව
භාවනා කිරීමට සිතාගෙන දෑස පියා ගත්තා. භාවනා කිරීමට පටන් ගත්තා. හරිම පුදුමයි. මේ හිත හැම තැනම විසිරෙනවා. හැමතැනම යනවා. සුළඟකටත් වඩා වේගයෙන් යනවා. මේ සිත වේගයෙන් වෙනස් වෙනස් අරමුණුවලට යනවා. අතීතයේ සිදුවුණු එක එක දේවල් සිතට එනවා. එක එක ආශාවන් සිතට එනවා.
2-12. නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල්වනයේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් සියලු දෙනා අමතා උන්වහන්සේගේ අවසන් අවවාදය වදාළා. එනම්, “හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ “පින්වත් මහණෙනි, මා දැන් ඔබව අවසන් වතාවට අමතමි. සකස් වී තිබෙන සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එම නිසා අප්‍රමාදීව නිවන් අවබෝධ කිරීමට මහන්සි ගන්න කියාය.
2-11. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව
මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ ඉතා හොඳ වීරියකින් යුතු අප්‍රමාදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගත් මෙම ස්වාමීන් වහන්සේ වනාන්තරයකට වැඩියා. වනයට පැමිණි දවසේ සිට සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට මහත් උත්සාහයක් ගත්තා. නමුත් සාර්ථක වුණේ නෑ. මොහොතක්වත් චිත්ත සමාධිය ඇතිකරගන්නට පුළුවන් වුණේ නෑ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ එ් ගැන දුකට පත්වුණේ නෑ. කම්පා වුණෙත් නෑ. උත්සාහය අත්හැරියෙත් නෑ. දිගින් දිගටම උත්සාහ කළා. හිත කලබල කරගත්තේ නෑ. මෙසේ කාලයක් ගත වූ නමුත් ප්‍රතිඵලයක් නැති නිසා උන්වහන්සේ යළිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට කල්පනා කළා.