බුදුන් උපන්නේ ලංකාවේ ද?

බුදුන් උපන්නේ ලංකාවේ ද?2020-03-01T13:05:03+05:30
1101, 2019

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (8 කොටස)

බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා නදිය වූ අතර නැගෙනහිරින් චම්පා නදිය ද දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝණ නදිය ද සීමා මායිම් විය.

1001, 2019

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (7 කොටස)

මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද දකුණින් ගංගා නම් නදිය ද නැගෙනහිරින් ගන්ඩන් හෙවත් නාරායනී නදිය ද උතුරු දෙසින් හිමාල කඳු වැටිය ද පිහිටන සේ සීමා මායිම් සලකුණු වී තිබිණි. ධර්මපට්ඨාන යන අපර නාමයකින් ද හැඳින්වූ සැවැත්නුවර පිහිටියේ කෝසල රාජධානියේ උතුරු පෙදෙසේ ය. සාවත්ථි නම් ඍෂිවරයාගේ වාසස්ථානය වූ හෙයින් ශ්‍රාවස්ථි නම් වී යැයි ද.....

901, 2019

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)

කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි.

2009, 2018

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (5 කොටස)

භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ අතර, සංස්කෘත භාෂාවෙන් වාරාණසී යනුවෙන් හැඳින්වෙන්නේ වරුණ සහ අසී ලෙස ගංගා නාමයන් සැලකීමෙනි. එම ගංගා දෙක සුප්‍රසිද්ධ ගංගා නදියේ ශාඛා දෙකක් වන අතර බරණැස් නගරයේ බටහිර දෙසින් ගංගා නදිය අදටත් ගලා බසී.

1507, 2018

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (4 කොටස)

ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දසමාරසේනා ජයගෙන සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක් උතුම් බුද්ධගයා පින්බිමේදී විජය ශ්‍රී බෝධි මූලයේදී ය. එකල මගධ රාජ්‍යයට අයත් වූ බුද්ධගයාව වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ ගයා නගරයේ සිට දකුණු දෙසට කි.මී.16ක් පමණ දුරින් පිහිටා තිබේ.

මහාමේඝ පුවත් සඟරාවේ පළවූ මෙම ලිපි පෙළ අන්තර්ගත කොට සම්පාදිත ග්‍රන්ථය

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – (+94) 77 47 47 161
(+94) 11 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703

Go to Top