ගෞතම බුදුරජුන්ගේ සදහම් සන්දේශය මුණ නොගැසුණු සිව් දිග දනන් වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරනු පිණිස අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් “වියැළී මියැදෙන්නට පෙර – ඔබ තෙමා සුරකිනු පිණිස” යන තේමාවෙන් යුතුව 2010-08-24 වන නිකිණි පුන් පොහෝ දින ආරම්භ කරන්නට යෙදුන මහාමේඝ පුවත් සඟරාව වෙනුවෙන් උතුම් පුණ්‍ය චේතනාවෙන් යුතුව අත හිත ලබාදුන් මහාමේඝ අධ්‍යක්ෂක මණ්ඩලයේ, ලේඛක මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ පින්වත් මහත්ම මහත්මීන් වෙත ඔවුන් විසින් ඉටු කරන ලද මහඟු මෙහෙවර අගයනු පිණිස අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් සමරු තිළිණ ප්‍රදානයක් 2017-02-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකරන්නට යෙදුනි.

මෙලෙස සත් වසරක් පුරාවට මෙම උතුම් සදහම් සේවාවට නන් අයුරින් අතහිත දුන් සැමට උතුම් ධර්මාවබෝධය පිණිසම රැස්වූ සියලු පින් හේතුවාසනා වේවා ……!