දකුණු කොරියාව

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින්, අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අරඹන ලද, මහමෙව්නාව නම් වූ සොඳුරු පුණ්‍ය ආයතනයේ තවත් එක් ශාඛාවක් දකූණු කොරියාවෙහි ද ආරම්භ කරණ ලදි. එ‍් මීට අවුරැදු දෙකකට ඉහතදී ය.

දකුණු කොරියාවෙහි කෙටි කලක් තුල සිදුකළ ධර්ම ප්‍රචාරය ප්‍රතිඵලයක් ලෙස, බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව අසපුවක් තේගු – නොන්ගොන් හි දී ද ආරම්භ විය. ඒ 2017ක් වූ දුරුතු (ජනවාරි) මස 26 වන ඉරුදිනයි.

රමණීය විහාර මන්ධදිරයක් සහිතව, කුටි සෙනසුන් සහ ධර්ම ශාලා, දාන ශාලා සහිතව ඉතා මනරම් ලෙස ඉදිකළ මේ උතුම් ආරාමය, පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ද සැදැහැති ශ්‍රී ලාංකික මෙන්ම කොරියානු ජාතික පින්වතුන්ගේ ද සහභාගීත්වයෙන් ගෞතම බුදු සසුනට පිදුණු වගයි.

මෙම අසිරිමත් පිංකමෙන් රැස්වුනු සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා..! ගෞතම බුදු සසුනේ උතුම් රැකවරණය ලබත්වා..!

සාදු ! සාදු !! සාදු !!!