මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 25ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.

මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය, බෙලිගමුව.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, උඩබෝවල රාජමහා විහාරය, උඩබෝවල, රිකිල්ලගස්කඩ.
  • වැඩභාර නිලධාරීතුමා, ජල සම්පාදන මණ්ඩලය, මහියංගණය.
  • ගරු විදුහල්පතිතුමා, කාර්මික විද්‍යාලය, වරකාපොල.
  • ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී බුද්ධ ජයන්ති ආරාම දහම් පාසල, වැවගම, කලවාන.
  • ගරු ලේකම්තුමා, වලව්වත්ත සුභසාධක සහ ප්‍රජා මණ්ඩල සමිතිය, වික්‍රමසිංහ පටුමග, ප්‍රජා ශාලාව, කෑගල්ල.
  • ගරු ලේකම්තුමා, තිස්සව වැඩිහිටි සමිතිය, තිස්සව, නිකදළුපොත.
  • ගරු විදුහල්පතිතුමා, කෑ/කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලය, බල්ලාපාන, ගලිගමුව නගරය.
  • ගරු විදුහල්පතිතුමා, මප/කටු/පැලෑන මහා විද්‍යාලය, පැලෑන, හතරලියද්ද.
  • ගරු විදුහල්පතිතුමා, පොතුවෑපිටිය විදුහල, කෝන්වැව.
  • ගරු විදුහල්පතිතුමා, ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලය, වලස්වැව, මහව.
  • ගරු විදුහල්පතිතුමා, පදවිය සී යාය 1 විදුහල, පදවි පරාක්‍රමපුර.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී ධර්මාරාම විහාරස්ථානය, අමනාවල, බෙරන්නාව.
  • ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ශ්‍රී පියදර්ශනාරාමය, ශ්‍රී සිලානන්ද දහම් පාසල, නිශ්ශංකපුර, දියසෙන්පුර.
  • ප්‍රධානාචාර්ය සිල් මාතාව, විපස්සනා භාවනා ආරාමය, ශ්‍රී අග්‍රබෝධි දහම් පාසල, මැදිරිගිරිය.
  • ගරු විදුහල්පතිතුමා, ව/ගිරි/රණාවත්ත කණිෂ්ඨ විද්‍යාලය, නාරම්මල.
  • ගරු විදුහල්පතිතුමා, හ/මහවෙල ප්‍රාථමික විදුහල, මහවෙල, අගුණුකොළපැලැස්ස.
  • ගරු පුස්තකාලාධිපති, ඇල්පිටිය මහජන පුස්තකාලය, ඇල්පිටිය.
  • ගරු සභාපතිතුමා, නිදහස් දා එකමුතුව නිදහස් පුස්තකාලය, නාබැට-දියතුරේ, මැල්සිරිපුර.
  • ගරු ලේකම්තුමා, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල, වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංගමය, උහුමීය.
  • ගරු සභාපතිතුමා, සණස සමිතිය, පොතුහැර – කටුපොත.
  • ගරු නියෝජ්‍ය ප්‍රධානාචාර්ය, ශ්‍රී ධර්මාරාම දහම් පාසල, කවිසිගමුව, මොරතිහ.
  • ගරු මෑණියන් වහන්සේ, දහම් මැදුර, ජයසුන්දර මාවත, කොළඹ පාර, කුරුණෑගල.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, දිඹුල්ගමුව පුරාණ විහාරස්ථානය, කෑගල්ල.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.    වැඩි විස්තර >>