හගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යයම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන 2017 ‘ සදහම් වැඩසටහන 2017 පෙබරවාරි 19 වැනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අතිසාර්ථකව නිමා විය.

අපගේ ගුරුදේවොත්තම කල්‍යාණමිත්‍ර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහනේ දී පසුගිය පෙබරවාරි 14 වැනි දින පැවැත්වූ පුංචි හදට සුවය දෙන්න මනුෂ්‍යත්වයේ පා ගමනේ දී එකතු වූ මුදල Little hearts අරමුදල වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම ද සිදුවිය.

මෙම උතුම් ධර්මදානමය පුණ්‍යකර්මයෙන් රැස් වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත් මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා.

මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් අනුමෝදන් වෙත්වා! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!