අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

13-01. පොඩිනම ගැන කථා වස්තුව

July 29th, 2019|Comments Off on 13-01. පොඩිනම ගැන කථා වස්තුව

පොඩි දරුවන් අතින් නොදැනුවත්කමින් අඩුපාඩු සිදුවෙනවා. පොඩිනමලා අතිනුත් අඩුපාඩු සිදුවෙනවා. එතකොට වැඩිහිටියන් කළ යුත්තේ ඒ පොඩි දරුවන්ගේ අනාගතය ගැන සළකා නුවණින් යුතුව අවවාද කිරීමයි. එසේ නොවුණොත් ඒ පොඩි දරුවන්ට දුක හිතෙනවා ....

12-10. අප්‍රමාදී වූ භික්ෂුවගේ කථාව(අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව)

July 24th, 2019|Comments Off on 12-10. අප්‍රමාදී වූ භික්ෂුවගේ කථාව(අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව)

සමහර අයට කරදරයක් වුණොත් තමන්ගේ වැඩකටයුතු අත්හරිනවා. සංවිධානය කරපු දේවල් අත්හරිනවා. අර කරදරයේ කොටස්කාරයෝ වෙලා කතාබස් කරමින් කල් ගෙවනවා. මරණයක් වුණොත් රැකීරක්ෂාවල් අත්හැරලා....

12-9. චූල කාල උපාසකතුමාගේ කථා වස්තුව

July 21st, 2019|Comments Off on 12-9. චූල කාල උපාසකතුමාගේ කථා වස්තුව

“මහණෙනි, චූල කාල උපාසකතුමා බේරුණේ වතුර ගෙනියන දාසියන් නිසාත්, තමනුත් පවක් නොකළ නිසාත් තමයි. මේ වගේ තමයි තමන් කරන පව්වලින්ම සත්වයන් නිරයේ යනවා, කිලුටු වෙලා යනවා. තමන් කරන කුසල්වලින්ම.....

12-8. කාල තෙරුන්ගේ කථා වස්තුව

July 18th, 2019|Comments Off on 12-8. කාල තෙරුන්ගේ කථා වස්තුව

ඇතැම් භික්ෂූන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි අයටත් ඇතැම් විට තමන්ගේ මව්පියන් වගේ පිටස්තර අය සළකනවා. ‘අනේ මෙයා මගේ දරුවෙක් වගේ’ කියලා ඉගෙන ගන්න උදව් කරනවා. තවත් උපකාර කරනවා. මේ ස්වාමීන් වහන්සේ ‘මගේ දරුවෙක්.....