අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

September 1st, 2019|Comments Off on 13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

හනේ... හනේ... මහා ශ්‍රමණයන් වහන්ස, තාමත් මහජනයාට බණ කිය කිය ඉන්නවා නෙව. ඔබගේ හඬ නම් මිහිරි තමයි. දත් පිහිටා ඇති හැඩත් ලස්සන තමයි. ඒ වුණාට ඔබ නිසා දැන් මගේ කුසේ ඉන්න දරුවා බිහිවෙන්න....

13-09.රහතන් වහන්සේලා(භික්ෂූන් තිස්නමකගේ කථාව)

August 31st, 2019|Comments Off on 13-09.රහතන් වහන්සේලා(භික්ෂූන් තිස්නමකගේ කථාව)

ඇත්තෙන්ම ඒ බුද්ධ කාලය නම් හිතන්න බැරි තරම් අද්භූත චමත්කාරයකින් යුක්තයි. විස්මිත ප්‍රාතිහාර්යයන්ගෙන් යුක්තයි. අපට නම් තවමත් අදහාගන්න බැරි තරම් පුදුමයි. එතරම්ම වාසනාවන්ත මහා පින්වතුන් හිටිය....

13-08. මරණසතිය වැඩීමෙහි අනුසස් (ධම්මපදය)

August 23rd, 2019|1 Comment

කෙනෙකුන් තුළ නුවණ වැඩෙන්නේ තමන්වත් නොදැනමයි. ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි. අදට වුණත් ටික ටික නමුත් භාවනාවක් පුරුදු කළොත් කලක් යනකොට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්.....

13-07. අංගුලිමාල තෙරුන්ගේ කථා වස්තුව

August 22nd, 2019|1 Comment

දැන් අපි ඉගෙන ගන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ධ කථාවක්. ඒ අංගුලිමාල තෙරුන් වහන්සේ ගැනයි. අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා පැමිණි මහා පින්වතෙක් වුණත් ජීවිතය ගෙවන්න සිදුවූ ආකාරය හරි පුදුමයි. ඒක වුණේ....