අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

  • ශාක්‍ය කෝලිය

15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

April 12th, 2020|Comments Off on 15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ. උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා. එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ තමයි එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.

14-17,18. කසුප් බුදුන්ගේ රන් සෑය ගැන කථා වස්තුව

January 16th, 2020|5 Comments

කාලයාගේ ඇවෑමෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණචේතිය නැතිවෙලා ගියා. වෙන දේවාලයක් ඇතිවුණා. නමුත් එතනට වන්දනා කිරීමෙන් යහපතක් උදාවෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උතුම් බුද්ධ භූමියක් නිසයි.

14-16. බොහෝ භික්ෂූන්ගේ කථා වස්තුව

January 14th, 2020|2 Comments

ඔය හැම කතාවක්ම සසර දුකට වැටෙන එකක්මයි. මේ තියෙන්නේ බුද්ධ කාලයයි. මෙවැනි කාලයක ධර්මය ශ්‍රවණය, සංඝයාගේ සමගිය, සංඝයා සතුටින් යුක්තව සමගි සම්පන්නව ධර්මයේ හැසිරීම ආදියට උදව් දෙන දේකුයි....

14-15. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම ගැන කථා වස්තුව

January 12th, 2020|Comments Off on 14-15. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම ගැන කථා වස්තුව

භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ හැටියට වැඩසිටි මහා පින් ඇති අපේ ආනන්ද තෙරුන් වහන්සේට උතුම් අදහස් පහළ වෙනවා. යහපත් කල්පනාවක්මයි හිතේ පහළ වෙන්නේ. උදාර අදහස්මයි...