අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

14-03. දෙව්ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව

January 5th, 2020|Comments Off on 14-03. දෙව්ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව

අනුරුද්ධයන් වහන්සේගෙන් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ කොහේද වැඩියේ කියලා. “පින්වත්නි, තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස්වසන්ටයි වැඩියේ. මාතෘ දිව්‍යපුත්‍රයාට අභිධර්මය දේශනා කරන්ටයි වැඩියේ.”

14-01,02. මාර දූවරුන්ගේ කථා වස්තුව

January 4th, 2020|Comments Off on 14-01,02. මාර දූවරුන්ගේ කථා වස්තුව

“පුරුෂයන්ගේ අදහස් හරි වෙනස්. සමහරු කැමති කුමාරිකාවන්ටයි. තවත් සමහරු කැමති ප්‍රථම වයසේ ස්ත්‍රීන්ටයි. තවත් සමහරුන් කැමති මධ්‍යම වයසේ ස්ත්‍රීන්ටයි. තවත් සමහරු කැමති වයසක ස්ත්‍රීන්ටයි. ඉතින් අපි ඒ සෑම අවස්ථාවක්ම

13-12. අනේපිඬු සිටු පුත් කාලගේ කථාව-නුවණ යොදවා කටයුතු කිරීම

September 3rd, 2019|1 Comment

අපට මොන විදිහේ පිනක් තියෙනවාද කියලා කාටවත් කියන්න බෑ. බැලූ බැල්මට කෙනෙකුගේ පින සොයාගන්න බැහැ. නමුත් සත්පුරුෂයන්ගේ උදව්ව නිසා සමහරුන්ගේ පින මතුවෙනවා. සත්පුරුෂ තාත්තා කෙනෙක් නිසා.....

13-11. අසදෘශ දානය ගැන කථා වස්තුව

September 2nd, 2019|Comments Off on 13-11. අසදෘශ දානය ගැන කථා වස්තුව

ඇතැම් අයට අමුතු විදිහේ ආශාවන් ඇතිවෙනවා. ලස්සනට දන් පැන් දෙන්න හිතෙනවා. චෛත්‍ය සරසන්න හිතෙනවා. බෝ මළු සරසන්න හිතෙනවා. තරඟෙට වගේ පින්කම් කරන අය ඉන්නවා. හැබැයි ඒ හැමදේකින්ම රැස් වෙන්නේ.....