අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

13-06. අප්‍රමාදය(මිදුල අමදින තෙරුන්ගේ කථා වස්තුව)

August 20th, 2019|Comments Off on 13-06. අප්‍රමාදය(මිදුල අමදින තෙරුන්ගේ කථා වස්තුව)

ඕනම වැඩක් කළ යුත්තේ එක්තරා ප්‍රමාණයකටයි. සමහර දරුවන් කොම්පියුටර් ක්‍රීඩාවන්ට පෙළඹෙනවා. තමන්ගේ පාසැල් කටයුතු පවා අතපසු කරනවා. තව සමහර අය අතුගාන්න පෙළඹෙනවා. දවසම අතුගගා ඉන්නවා...

13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය

August 18th, 2019|Comments Off on 13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය

ඇතැම් විට අපේ ජීවිතයට බැරෑරුම් කරදර සිද්ධ වෙනවා. අපි ගොඩාක් ආදරය කරන අය අනපේක්ෂිත මොහොතක අපෙන් වෙන් වෙනවා. එතකොට අපට දරාගන්න බෑ. සුනාමියක් වගේ ඇවිත් අපිව තනිකරලා අපේ අදරැති හැමෝම....

13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

August 17th, 2019|Comments Off on 13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

බුද්ධ කාලේ ගොඩාක් පින්වන්තයින් ඉපදිලා හිටියා. ඔවුන්ගේ බලවත් පුණ්‍ය මහිමය නිසාම ඉතාම පහසුවෙන් ගිහි ජීවිතය අත්හරින්න පුළුවන් වුණා. ලෞකික බැඳීම සිඳ බිඳ දමන්නට පුළුවන් වුණා. සිල් රැකගන්නත්, සිහි නුවණ....

13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)

August 12th, 2019|Comments Off on 13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)

ඇත්තෙන්ම මහා මාන්නයකින් සිටි ශාක්‍ය වංශිකයන් වෙනස් වී ගිය අයුරු අපටවත් හිතාගන්න අමාරුයි. අන්තිමේදී හැමෝම වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වුණා. වැඩි පිරිසක් මගඵල ලැබුවා. සසරෙන් එතෙර වෙන....